පාසල් දරුවන්ට නිසි වේලාවට පෙළ පොත් නොලැබෙන හැඩ ?
Friday, 20 January 2023 - 11:29 | Views - 1,361
මෙම වසරේ දී පාසල් දරුවන්ට නිසි වේලාවට පෙළ පොත් ලබා දීමට නොහැකිවීමේ දැඩි අවදානමක් මතුව ඇති බව පෞද්ගලික මුද්‍රණකරුවෝ පවසනවා.
මුද්‍රණකරුවන්ට හිමි විය යුතු අත්තිකාරම් හා අනෙකුත් ගෙවීම් මේ වන තෙක් නිසි පිරිදි නොකිරීම හේතුවෙන් පාසල් පෙළ පොත් මුද්‍රණය ඇනහිට ඇති බවයි ඔවුන් පවසන්නේ.
මේ අතර, පෙළ පොත් මුද්‍රණය කිරීම සඳහා ටෙන්ඩරය ලබා ගත් මුද්‍රණකරුවන්ට ලබා දෙන මූලික මුදල වන අත්තිකාරම් මුදල හා මුද්‍රණය කළ පොත් වෙනුවෙන් ලැබිය යුතු මුදල් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නොගෙවීම නිසා පෙළ පොත් මුද්‍රණය අතරමග නැවතීම සිදුව ඇති බව ටෙන්ඩරය ලබා ගත් ආයතනය පැවසූ බවයි මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ.
Share This Article