අද සිට නැවතත් පාසල් නිවාඩු - සඳුදා උ/පෙළ ඇරඹෙයි
Friday, 20 January 2023 - 9:13 | Views - 668

2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ දෙවන අදියර අද (20) දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අදියර පෙබරවාරි 06 වැනි සඳුදා දින අවසන් වීමට නියමිතයි.
එමෙන්ම, නැවත සියලුම පාසල්වල තෙවන වාරයේ තෙවන අදියර පෙබරවාරි 20 වැනි සඳුදා දිනයෙන් ආරම්භ වන බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කර ඇත්තේ.
කෙසේ වෙතත්, තවත් දින දෙකකින් පසුව එනම්, එළඹෙන 23 වනදා ආරම්භ වන උසස් පෙළ විභාගය සඳහා මේ වනවිටත් සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ කිසියම් අපේක්ෂකයෙකුට වලංගු හැඳුනුම්පත් හෝ ප්‍රවේශ පත්‍රයක් නොමැති වුව ද විභාගයට පෙනී සිටිය හැකි බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගියදා පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා කියා සිටියේ විභාග ගැටලු සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දැනුම්දීමට 1911 ක්ෂණික දුරකථන අංකය මෙන්ම, 0112 784 208, 0112 784 537, 0112 785 211 සහ 0112 786 616 යන අංක පැය 24 පුරා විවෘත බවයි.
Share This Article