ලේන්සුවකින් බැඳි දෑස් සදහටම පියාගෙන අවසන් ගමන් යන චතුරි (Video)
Friday, 20 January 2023 - 7:06 | Views - 6,179
කොළඹ තුරඟ තරඟ පිටියේ දී සරසවි සිසුවිය ඝාතනය කළ තරුණයා ඊට අදාළව පොලිසියට පාපොච්චාරණයක් සිදු කර තිබෙනවා.

ඊයේ (18) මීට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ නියෝග කෙරුණේ සැකකරු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

එමෙන්ම මෙම සිසුවා මානසික වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කරන ලෙසට ද අධිකරණය නියෝග කළා.

ඝාතනයට ලක්වූ තරුණිය සමඟ අදාළ තරුණයා 2020 වසරේ ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගෙන තිබෙනවා.

එහෙත් වරින් වර ඔවුන් දෙදෙනා අතර, බහින් බස් විම් හට ගෙන ඇත්තේ සැකකරු කිසියම් මානසික රෝගයකට වෛද්‍ය ප්‍රතිකාර ගන්නා බවට මියගිය තරුණියට සැලවීම හේතුවෙන්.

එම හේතුව මත ඇය තමන් සමඟ ගැටුම් ඇති කර ගත් බවයි තරුණයා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම, ඇය තමන් සමඟ අමනාප වු බවත් ආදර සබඳතාවය නතර කිරිමට යෝජනා කළ බවත් තරුණයා පොලිසියට පාපොච්චාරණය කර තිබෙනවා.

එහිදී තමන් ඊට විරෝධය පළ කළ බවත් , වෙනත් තරුණයෙකුට ඇයව හිමි විම වළක්වන බවට ද අවස්ථා කිහිපයක දී තරුණයා ප්‍රකාශ කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත්, ඝාතනය ලක්වූ තරුණිය ඔහුට ප්‍රකාශ කර ඇත්තේ පසුගිය අඟහරුවාදා හමුවිමට අවශ්‍ය බවත් එදින මෙම පෙම් සබඳතාවය, අවසන් කිරිමට කටයුතු කරන බවයි.

තරුණයා ඇයව ඝාතනය කිරිමට සැලසුම් කර ඇත්තේ ඇගේ මෙම ප්‍රකාශයත් සමඟ බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ සඳහා ඝාතනයට යොදා ගත් තියුණු ආයුධය වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් සැකකරු මිල දී ගෙන බෑගයේ දමා විශ්ව විද්‍යාලයේ පළමු දේශනයට සහභාගිවී තිබෙනවා.

අනතුරුව තරුණිය ප්‍රකාශ කළ පරිදි දෙදෙනා තුරඟ තරඟ පිටියේ දී හමුවී ඇති අතර සිය පෙම්වතිය පුදුමයට පත්කිරීමට අවශ්‍ය බව පවසා ඇගේ දෑස් ලේන්සුවකින් බැඳ මෙම ඝාතනය සිදුකර ඇති බවයි හෙළිවී ඇත්තේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top