සරසවි සිසුවිය ඝාතනය කළ ආදරවන්තයා ගේ පාපොච්චාරණය (Video & Photos)
Wednesday, 18 January 2023 - 14:16 | Views - 18,781
පෙම්වතිය වෙනත් කෙනෙකුට අයිති වේ යැයි බියෙන් ඇය ඝාතනය කළ බව විශ්වවිද්‍යාල තරුණිය ඝාතනය කළ සැකකාර තරුණයා පාපොච්චාරණය කර තිබෙනවා.

තමන් ප්‍රකාශ කළ දේවල් ඇය පිලිගැනීමට අකමැති වූ බවත් ඒ හේතුවෙන් ඝාතනය කිරීම හැර වෙන විකල්පයක් නො තිබූ බවත් වැඩිදුරටත් මෙම තරුණයා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, දැනට අනාවරණ වී ඇති තොරතුරුවලට අනුව සැකකාර තරුණයා සැලසුම් සහගතව මෙම ඝාතනය සිදු කළ බවට තොරතුරු අනාවරණ වී ඇති බව යි පරීක්ෂණ කණ්ඩායම් පෙන්වා දෙන්නේ.

තරුණියගේ ගෙල කැපූ පිහිය වෙළඳසැලකින් කල් තියාගෙන මිල දී ගෙන තිබූ බවත්, ඊයේ දහවල් 12.30ට පමණ එම පිහිය බෑගයේ දමාගෙන තුරග තරග පිටියට ගිය බවත් අනාවරණ වී තිබෙනවා.

එහි දී තමන් ප්‍රකාශ කරන ආකාරයට ඉදිරියේ දී සම්බන්ධතාවය පවත්වාගත යුතු බව තරුණයා සඳහන් කර ඇතත් තරුණිය සදහන් කර ඇත්තේ තවදුරටත් මෙසේ ඇසුරු කළ නොහැකි බවයි.

එම අවස්ථාවේ කලබලයට පත්වූ තමන් ඝාතනය සිදු කළ බව තරුණයා වැඩිදුරටත් පොලීසියට පවසා තිබෙනවා.

එමෙන්ම, ඝාතනය සිදු කිරීමෙන් පසු තරුණයා වේගයෙන් විශ්වවිද්‍යාලය දෙසට දිවයන අයුරු සී.සී.ටී.වී කැමරා දර්ශනවල සටහන්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

සැකකාර තරුණයා පෞද්ගලික උපකාරක පන්ති පවත්වන්නෙකු ලෙස වැල්ලම්පිටිය, කොලොන්නාව, කොටිකාවත්ත සහ කිරිබත්ගොඩ ප්‍රදේශවල ප්‍රසිද්ධියට පත්ව සිටි බවත් වාර්තා වනවා.

විශ්වවිද්‍යාල මිතුරන් පොලීසියට සාක්ෂි ලබා දී ඇත්තේ, කලක් තිස්සේ මොවුන් දෙදෙනා අතර මතගැටුම් පැවති බව යි.

ඊයේ දහවල් මෙලෙස ඝාතනයට ලක්වුණේ 24 හැවිරිදි හෝමාගම - කිරිවත්තුඩුව - පුබුදු උයන ප්‍රදේශයේ පදිංචි කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන සිසුවියක්.

ඇගේ පෙම්වතා වන සිසුවාද එම පීඨයේම තුන්වන වසරේ ඉගෙනුම ලබනවා. 

කෙසේ වෙතත්, මේ තරුණයා සහ තරුණිය තමන්ගේ යූටියුබ් නාළිකා හරහා තමන් ඉගෙන ගත් විෂය දැනුම පාසල් දරුවන් වෙත ලබාදීමද සිදු කර තිබෙනවා. ඒ වගේම තරුණයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ ජනප්‍රිය විද්‍යා විෂය උගන්වන ටියුෂන් පන්ති ගුරුවරයෙකුද වනවා.

සමාජ ජාලාවලද මේ දෙපළ ප්‍රේමණීය යුවලක් ලෙස හැසිරී තිබෙන බව ඔවුන්ගේ සමාජ ජාලා පරික්ෂා කිරීමේදී පෙනී යනවා.

පහත දැක්වෙන්නේ ඔවුන්ගේ සේයාරූ... 













Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top