උපකාරක පංති ඊයේ රාත්‍රියේ සිට තහනම් !
Wednesday, 18 January 2023 - 10:24 | Views - 2,135
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වී තිබෙනවා.
උසස් පෙළ විභාගය ලබන 23 වනදා ආරම්භවීමට නියමිත අතර ඊට දින 05කට පෙර උපකාරක පංති පැවැත්වීම තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.
කෙසේ වෙතත්, 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි මස 17 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර මේ හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල් ලබන 20 වනදා සිට නැවතත් නිවාඩු ලබාදෙන අතර තෙවන පාසල් වාරයේ තෙවන අදියර සඳහා එම පාසල් යළි පෙබරවාරි මස 20 වන දින ආරම්භ වීමට නියමිතයි.
Share This Article