උප්පැන්න අයදුම්පත්‍ර අවසන් වීම ගැන ප්‍රකාශයක්
Wednesday, 18 January 2023 - 9:32 | Views - 456
උප්පැන්න සහතික අයදුම්පත්‍ර අවසන්ව ඇති බැවින් මරණ සහතික අයදුම්පතෙහි උප්පැන්න බව සඳහන් කොට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙසට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර තිබෙන දැන්වීමක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
උප්පැන්න සහතික සහ මරණ සහතික අයදුම්පත් මුද්‍රණය කිරීම සිදු කරනු ලබන්නේ, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් වන අතර රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන ඇනවුම් අනුව එම අයදුම්පත් අවශ්‍යතාව මුද්‍රණය කර දීම සාමාන්‍ය ක්‍රමවේදය යි.
මෙලෙස උප්පැන්න සහතික අයදුම්පත්‍ර අවසන්වී ඇති බවට සමාජ මාධ්‍යයේ පළවන වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී රජයේ මුද්‍රණාලය සඳහන් කළේ, රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් ඇනවුම් සියල්ල අවසන් කර යළි භාර දී ඇති බව යි.
පවතින ඩොලර් හිඟය හේතුවෙන් පසුගිය දිනවල දී කඩදාසි හිඟයක් මතු ව තිබුණ ද මේ වන විට එම තත්වයේ යම් පාලනයක් සිදු ව ඇති බැවින්, ලබාදෙන ඇනවුම් අනුව මුද්‍රණ කටයුතු දෛනික ව සිදු කරමින් සිටින බව ද රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව කියා සිටියා.
Share This Article