අදත් දුම්රියක් පීලිපනී
Wednesday, 18 January 2023 - 9:17 | Views - 487
කොස්ගම සහ වග දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීමකට ලක් වී තිබෙනවා.
මේ හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බව යි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත වන කාලය පිළිබඳ නිශ්චිත ආරංචියක් තව ම ලැබී නෑ.
මෙසේ දුම්රිය පීලි පැනීමේ සිද්ධි පසුගිය සමයේ නිතර ම වාර්තා වීම විශේෂත්වයක්.
Share This Article