අඩු ආදායම්ලාභින්ගේ මුදල් සහනය තවත් මාස 05කින් දීර්ඝ කෙරෙයි
Wednesday, 18 January 2023 - 8:31 | Views - 1,084

සමෘද්ධි ප්‍රතිලාභින් ඇතුළු අවදානමට ලක්විය හැකි පවුල් සඳහා දැනට ලබාදෙන මුදල් සහනය තවත් මාස පහකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම සහනය නව සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය හදුන්වාදෙන තෙක් ක්‍රියාත්මක වන බවයි ඊයේ (17) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ.
මේ වසරේ මැයි මාසය දක්වා ඔවුන්ට අදාළ සහනය ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා කළ අතර එය ලබන සැප්තැම්බර් දක්වා ලබා දීමට යි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ.
නව සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය කඩිනමින් ආරම්භ කිරීම සඳහා නව සුදුසුකම් හා නිර්ණායක යොදා ගනිමින් ප්‍රතිලාභින් හදුනාගැනීමේ සමීක්ෂණය මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක බවද ඔහු කියා සිටියා.
කෙසේ වෙතත් 2002 සුබසාධන ප්රතිලාභ පනත යටතේ පවතින වගන්ති දෙකක් සංශෝධනය කරන තෙක් ප්‍රතිලාභින් හදුනාගැනීමේ සමීක්ෂණයෙන් ඉවත්වන බව සමෘද්ධි නිලධාරින් සහ ග්‍රාම නිලධාරින් ප්‍රකාශ කර තිබෙනවා.
ඊට අදාළ වාර්තාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ මෙම ගැටලුවට කඩිනම් විසදුමක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බවයි.
පනතේ පවතින එම වගන්ති සම්බන්ධයෙන් පවතින ගැටලුකාරිත්වය සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේ දී තොරතුරු රැස්කිරීමට නිලධාරින්ට කිසිදු ගැටලුවක් නොමැති බව නීතිපතිවරයා දැනුම් දුන් බව ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අවධාරණය කළා.
Share This Article