අඩු ආදායම්ලාභින්ගේ මුදල් සහනය තවත් මාස 05කින් දීර්ඝ කෙරෙයි
Wednesday, 18 January 2023 - 8:31 | Views - 1,085
සමෘද්ධි ප්‍රතිලාභින් ඇතුළු අවදානමට ලක්විය හැකි පවුල් සඳහා දැනට ලබාදෙන මුදල් සහනය තවත් මාස පහකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම සහනය නව සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය හදුන්වාදෙන තෙක් ක්‍රියාත්මක වන බවයි ඊයේ (17) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ.

මේ වසරේ මැයි මාසය දක්වා ඔවුන්ට අදාළ සහනය ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා කළ අතර එය ලබන සැප්තැම්බර් දක්වා ලබා දීමට යි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ.

නව සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය කඩිනමින් ආරම්භ කිරීම සඳහා නව සුදුසුකම් හා නිර්ණායක යොදා ගනිමින් ප්‍රතිලාභින් හදුනාගැනීමේ සමීක්ෂණය මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් 2002 සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ පවතින වගන්ති දෙකක් සංශෝධනය කරන තෙක් ප්‍රතිලාභින් හදුනාගැනීමේ සමීක්ෂණයෙන් ඉවත්වන බව සමෘද්ධි නිලධාරින් සහ ග්‍රාම නිලධාරින් ප්‍රකාශ කර තිබෙනවා.

ඊට අදාළ වාර්තාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ මෙම ගැටලුවට කඩිනම් විසදුමක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බවයි.

පනතේ පවතින එම වගන්ති සම්බන්ධයෙන් පවතින ගැටලුකාරිත්වය සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේ දී තොරතුරු රැස්කිරීමට නිලධාරින්ට කිසිදු ගැටලුවක් නොමැති බව නීතිපතිවරයා දැනුම් දුන් බව ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අවධාරණය කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top