ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ සිදුකළ විවිධ වැටලීම්වල දී පුද්ගලයින් 35,381දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතරින් 5060දෙනෙකු කාන්තාවන්.
මෙම වැටලීම්වල දී අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් කෝටි 40 ඉක්මවන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඊට අමතරව මෙම මත්ද්‍රව්‍ය හා දුම්කොළ අපරාධ පිළිබඳ අධිකරණය ඉදිරියේ නඩු පැවරීමෙන් අනතුරුව අධිකරණය මඟින් රුපියල් මිලියන 129ක් දඩ මුදල් ලෙස පනවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.