පිරිමි පුද්ගලයින් සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා.ඒ අනුව, ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානවල දී පිරිමි පුද්ගලයින්ට පිරිමි සහ ගැහැණු අයට ගැහැණු ලෙස පමණක් සම්භාහනය කළ හැකි පරිදි නීති රීති සකස් කිරීමට පියවර ගන්නා බවයි ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන පවසන්නේ.ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග බහුලව පැතිර යාම මෙම තීරණය ගැනීමට හේතුව වී ඇති බව ද ඔහු පවසනවා.එමෙන්ම සම්බාහන මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු අතර එහි පළපුරුදු වෛද්‍යවරයකු ද සිටීම අනිවාර්ය විය යුතු බව පැවසූ ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ, සම්බාහන කටයුතුවල නිරත වන කාර්ය මණ්ඩලය වෘත්තීමය දැනුමකින්, පුහුණුවකින් හෙබි විය යුතු බවයි.
UP DATE..,
ඊයේ (16) විවිධ ජනමාධ්‍යයන් ඔස්සේ පළ වූ පිරිමි සම්භාහනය ගැහැනුන්ට තහනම් යන පුවත සාවද්‍ය එකක් බව ආයුර්වේද කොමසාරිස් ආචාර්‍ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන පවසනවා.
ලිපියක් නිකුත් කරමින් ඔහු මාධ්‍ය ආයතන වෙත දැනුම් දෙන්නේ, එම පුවත දැකීමෙන් තමන් වික්ෂිප්ත වූ බව යි.
එසේ පළ වී තිබුණු තමා විසින් කළේ යැ යි කියන ප්‍රකාශය සම්පූර්ණයෙන් ම සාවද්‍ය එකක් බව යි ආයුර්වේද කොමසාරිස්වරයා පවසන්නේ.
මෙවැනි අසත්‍ය පුවත් සමාජගත කිරීම ඉතා ම කනගාටුවෙන් බැහැර කරන බව පවසන ආයුර්වේද කොමසාරිස්වරයා මෙම පුවත හේතුවෙන් පෞද්ගලික ව තමන් බරපතළ ලෙස අපහසුතාවට පත් වූ බව ද සඳහන් කරනවා.