
වැල්ලම්පිටිය ලංසියාවත්ත ප්රදේශයේ නිවසක මෙහෙකාරියක් වශයෙන් කටයුතු කළ කාන්තාවක් එම නිවෙස් හිමි කාන්තාවකට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය පවසනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ (61) හැවිරිදි කාන්තාවක් බව යි පොලිසිය සඳහන් කළේ.
නිවසේදී සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඉහත සැකකාරිය විසින් ගෙහිමි කාන්තාවට මෙලෙස පිහියෙන් ඇන ඇති බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, අදාළ සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ගෙහිමි කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
එසේම, පිහි ඇනුම සිදුකළ සැකකාරියක් පලාගොස් ඇති අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලම්පිටිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවද වැඩිදුරටත් සඳහන්.
- ලංකාදීප
207 Views
103 Views
95 Views
167 Views
66 Views
86 Views
82 Views
58 Views
133 Views
67 Views
99 Views
162 Views
194 Views
658 Views
86 Views
79 Views
78 Views
66 Views
64 Views