භූ කම්පනයක්
Monday, 16 January 2023 - 10:30 | Views - 852
අද (16) උදෑසන බටහිර ඉන්දුනීසියාවේ ආචේ පළාතට ආසන්න මුහුදු පතුලේ භූ කම්පනයක් සිදු වූ බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
රිච්ටර් මාපක 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව හේතුවෙන් කිසිදු බරපතල හානියක් හෝ ජීවිත හානි පිළිබඳ වාර්තා වී නොමැති බවයි විෂින්ටන් පෝස්ට් පවසන්නේ.
බටහිර ඉන්දුනීසියාවේ ආචේ පළාතේ වෙරළබඩ දිස්ත්‍රික්කයක් වන සිංකිල් සිට කිලෝමීටර් 40 ක් (සැතපුම් 25 ක්) ගිනිකොන දෙසින් හා කිලෝමීටර් 37ක් (සැතපුම් 23 ක්) ගැඹුරින් එම භූ කම්පනය සිදුව ඇතැයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
අදාල භූ කම්පනය හේතුවෙන් ඉන්දුනීසියාවේ කාලගුණ විද්‍යා ආයතනය හෝ දේශගුණ විද්‍යා සහ භූ භෞතික විද්‍යා ඒජන්සිය විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවත් වොෂින්ටන් පෝස්ට් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
Share This Article