සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 5 ක් එකට දිස්වන දුර්ලභ අවස්ථාවක්
Saturday, 14 January 2023 - 14:14 | Views - 3,412

සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහ ලෝක 5 එක් පෙළට දිස්වන දුර්ලභ අවස්ථාවක් පියවි ඇසින් ජනතාවට දැක බලාගැනීමේ අවස්ථාවක් උදා වී තිබෙනවා.
ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළේ අද (14) සිට ලබන 31 වනදා දක්වා දැකබලාගැනීමට හැකියාව පවතින බවයි.
මෙලෙස පියවි ඇසට දිස්වන්නේ බුද, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහලෝකයි. එමෙන්ම පියවි ඇසට නොපෙනෙන නෙප්චූන් සහ යුරේනස් යන ග්‍රහ ලෝකද මේ දිනවල දී දුරේක්ෂයකින් දැකබලාගැනීමට හැකිවනු ඇති බවයි ආතර් සී. ක්ලාක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ කියා සිටියේ.
මෙම ග්‍රහලෝක ඉහළ අහසේ දිස්වෙන්නේ පස්වරු 6.30 සිට පසුදා අලුයම හය පමණ වනතෙක් වීම ද විශේෂත්වයක්.
බුද ග්‍රහයා නැගෙනහිර ක්ෂිතිජයේ අලුයම 5.45 ට පමණ දැක ගැනීමට හැකියාව පවතිනවා.
මේ අතර, වසර 50,000 කට පසු සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත වල්ගාතරුවක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව තාරකා විද්‍යාඥයන් ප්‍රකාශ කළා.
ලබන මස 1 වනදා වනවිට එය පෘථිවිය ආසන්නයෙන් ගමන් කරනු ඇති බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළේ.
කිලෝමීටරයක පමණ විෂ්කම්භයක් ඇති ක්-2022 ෑ3 හෙවත් ’ඔත් වල්ගා තරුව අයිස් සහ ධූලි වලාවලින් සෑදී ඇති අතර, හරිත පැහැයකින් යුක්ත බව සඳහන්.
මෙම වල්ගාතරුව අවසන් වරට පෘථිවිය පසුකර ගොස් තිබුණේ වසර 50,000 කට පෙර පැලියොලිතික් යුගයේදියි.
එම වල්ගාතරුව පෙබවාරි මාසයේදී අඟහරු ග්‍රහයා අසළින් ගමන් කරනු ඇති බවටයි තාරකා විද්‍යාඥයන් පවසන්නේ.
Share This Article