සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 5 ක් එකට දිස්වන දුර්ලභ අවස්ථාවක්
Saturday, 14 January 2023 - 14:14 | Views - 3,413
සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහ ලෝක 5 එක් පෙළට දිස්වන දුර්ලභ අවස්ථාවක් පියවි ඇසින් ජනතාවට දැක බලාගැනීමේ අවස්ථාවක් උදා වී තිබෙනවා.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළේ අද (14) සිට ලබන 31 වනදා දක්වා දැකබලාගැනීමට හැකියාව පවතින බවයි.

මෙලෙස පියවි ඇසට දිස්වන්නේ බුද, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහලෝකයි. එමෙන්ම පියවි ඇසට නොපෙනෙන නෙප්චූන් සහ යුරේනස් යන ග්‍රහ ලෝකද මේ දිනවල දී දුරේක්ෂයකින් දැකබලාගැනීමට හැකිවනු ඇති බවයි ආතර් සී. ක්ලාක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ කියා සිටියේ.

මෙම ග්‍රහලෝක ඉහළ අහසේ දිස්වෙන්නේ පස්වරු 6.30 සිට පසුදා අලුයම හය පමණ වනතෙක් වීම ද විශේෂත්වයක්.

බුද ග්‍රහයා නැගෙනහිර ක්ෂිතිජයේ අලුයම 5.45 ට පමණ දැක ගැනීමට හැකියාව පවතිනවා.

මේ අතර, වසර 50,000 කට පසු සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත වල්ගාතරුවක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව තාරකා විද්‍යාඥයන් ප්‍රකාශ කළා.

ලබන මස 1 වනදා වනවිට එය පෘථිවිය ආසන්නයෙන් ගමන් කරනු ඇති බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළේ.

කිලෝමීටරයක පමණ විෂ්කම්භයක් ඇති ක්‍-2022 ෑ3 හෙවත් ’ඔත්‍ වල්ගා තරුව අයිස් සහ ධූලි වලාවලින් සෑදී ඇති අතර, හරිත පැහැයකින් යුක්ත බව සඳහන්.

මෙම වල්ගාතරුව අවසන් වරට පෘථිවිය පසුකර ගොස් තිබුණේ වසර 50,000 කට පෙර පැලියොලිතික් යුගයේදියි.

එම වල්ගාතරුව පෙබවාරි මාසයේදී අඟහරු ග්‍රහයා අසළින් ගමන් කරනු ඇති බවටයි තාරකා විද්‍යාඥයන් පවසන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top