රත්තරන් ක්‍රෙඩිට් කාඩ් සමඟ කතක් දැලේ
Saturday, 14 January 2023 - 13:49 | Views - 697
ක්‍රෙඩිට් කාඩ් පත් ආකාරයට සකස් කරන ලද රුපියල් කෝටි 11කට අධික රත්‍රං තොගයක් සමඟ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක, නීති කටයුතු භාර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා කියා සිටියේ රේගු ආදායම් අධීක්ෂණ නිලධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි.
නීතිවිරෝධී රත්‍රං ශ්‍රී ලංකාවට ගෙන ඒමේ නවතම ක්‍රමයක් ලෙසට ක්‍රෙඩිට්කාඩ් පත් ආකාරයට මෙම රත්‍රං තොගය සකස් කර තිබූ බව ඔහු සඳහන් කළා.
30 හැවිරිදි සැකකාරිය ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය සතුව තිබූ කිලෝ 6 කට අධික රත්‍රං ක්‍රෙඩිට් කාඩ්පත් 27 ක් සොයාගෙන තිබෙනවා.
එමෙන්ම තවත් ස්වර්ණාභරණ තොගයක් ද ඇය සතුව තිබී රේගු භාරයට ගෙන තිබෙනවා.
එමෙන්ම ඇයගේ බෑගයක තිබී රත්‍රං ජෙල් තොගයක් ද සොයාගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
Share This Article