විදෙස්ගත ශ්‍රමිකයින්ගේ පවුල් වෙනුවෙන් සහන වැඩසටහනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ ස්වයං රැකියා ආධාර ලබාදීමේ වැඩසටහනක් මෙලෙස ආරම්භ කර ඇති බව යි එම කාර්යංශය සඳහන් කළේ.
ජපානය, කොරියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල හැර වෙනත් රටවල සිටින විගමණික ශ්‍රමිකයින්ගේ පවුල්වල එක් දරුවෙකු වෙනුවෙන් රුපියල් 5,000 ක පාසල් උපකරණ මෙහිදී ලබාදීමට නියමිත අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණ වසර 5 ක කාලයක් නොඉක්මවූ ශ්‍රමිකයින්ගේ දරුවන්ට ද පාසල් උපකරණ ලබාගැනීමේ වැඩසටහන සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනු ඇති.
එසේම, විදෙස්ගතව සිට මෙරටට පැමිණ වසර 5 නොඉක්මවූ විගමණික ශ්‍රමිකයින් සඳහා රුපියල් 50,000 ක වටිනාකමින් යුක් ස්වයං රැකියා ආධාර ලබාදීමේ වැඩසටහනක් ද විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් ආරම්භ කර තිබෙනවා.
එම සහන වැඩසටහන් සඳහා ද අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර වැඩිදුර විස්තර ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල විදේශ රැකියා සංවර්ධන නිලධාරීවරයාගෙන් ලබා ගත හැකි බව යි විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේ.










64 Views





















