කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ - අප්ඩේට් වෙයි
Saturday, 14 January 2023 - 10:20 | Views - 206
ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කර තිබෙනවා.
ඒ අනුව විශේෂිත අවස්ථාවලදී මුව ආවරණ පැළඳිය යුතු බවටයි ඔවුන් නිර්දේශ කර ඇත්තේ.
එමෙන්ම රෝග ලක්ෂණ පවතින්නන් කොරෝනා පරීක්ෂණ සිදුකළ යුතු බවත් යාවත්කාලීන කළ මාර්ගෝපදේශවල සඳහන්.
රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් දින 10ක කාලයක් නිරෝධායනය විය යුතු අතර, සැක සහිත පුද්ගලයන් දින පහක් වැනි කෙටි කාලයක් නිරෝධායනය විය යුතු බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ.
Share This Article