මැදපෙරදිග ගෘහ සේවිකාවන්ට නව රක්ෂණාවරණයක්
Saturday, 14 January 2023 - 9:38 | Views - 2,995
මැදපෙරදිග ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශය තීරණය කර තිබෙනවා.
එම කාර්යාංශය සඳහන් කළේ හෙට (15) සිට මෙම නව රක්ෂණාවරණය හඳුන්වාදීමට කටයුතු කරන බවයි.
විගමණික ශ්‍රමික කාන්තාවන් බඳවාගනු ලබන සේවායෝජකයන් විසින් මෙම රක්ෂණාවරණය අනිවාර්යයෙන් ලබාදිය යුතු වන අතර, විදේශ රැකියා සඳහා එම කාන්තාව කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා අදාළ රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතු වනවා.
බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල ගෘහ සේවය සඳහා යන කාන්තාවන්ට සුදුසු රක්ෂණාවරණයක් තෝරාගැනීමටද හැකියාව පවතිනවා.
Share This Article