දෛනික දුම්රිය ගමන් වාර 30කට තිත
Friday, 13 January 2023 - 15:07 | Views - 366
දැනට පවතින 400 ක් වන දෛනික දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 30 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන සඳුදා සිට දෛනිකව ධාවනය කෙරෙන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 370 ක් බවයි විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන රජයේ ප්රවෘත්ති දෙපාර්ත්මේන්තුවේ අද(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.
එසේ ම විශ්‍රාම ගිය දුම්රිය රියදුරන් හා නියාමකයන් කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.
Share This Article