මාළු මිල - පහළට
Friday, 13 January 2023 - 13:25 | Views - 994
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මාළු මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව සැලකිය යුතු අගයකින් පහත වැටී තිබෙනවා.

එහි වෙළඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ කියා සිටියේ පසුගිය සතියේදී රුපියල් 1800 කට අලෙවි වූ තලපත් කිලෝග්‍රෑමයක තොග මිල මෙම සතියේ දී රුපියල් 1400 දක්වා අඩු වී ඇති බවයි.

බලයන්, ලින්නන්, අලගොඩුවන්, ඉස්සන්, සාලයන් පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේදී රුපියල් 200 කින් පමණ මිල අඩු වී ඇති බවද ඔහු සඳහන් කළා.

ඒ අනුව බලයන් කිලෝග්‍රෑමයක් රුපියල් 600 කටත්, ලින්නන් රුපියල් 750 කටත්, අලගොඩුවන් රුපියල් 600 කටත්, ඉස්සන් රුපියල් 1600 කටත්, සාලයන් රුපියල් 350 කටත් මේ වනවිට අලෙවි වනවා.

කෙසේ වෙතත්, මේ දිනවල පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පාරිභෝගිකයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවද එහි වෙළඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ කියා සිටියා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top