වනඅලියෙකු ගැටී නැගෙනහිර දුම්රිය ගමනාගමනය අඩාලයි ! (Video & Photos )
Friday, 13 January 2023 - 10:31 | Views - 1,826
අද (13) අලුයම හබරණ ගල්ඔය ප්‍රධාන දුම්රිය මාර්ග‍යේ දී මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ පුලතිසි සිග්‍රගාමි දුම්රියෙ ගැටි වනඅලියෙකු මියගොස් තිබෙනවා.

මෙම වනඅලියා ගැටිම නිසා දුම්රියෙ ඉදිරිපස ඇන්ජීම පිලිපැන ඇති අතර අනතුර නිසා නැගෙනහිර පළාතේ දුම්රිය ගමනා ගමනය ද මේ වන විට ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් දුම්රිය මාර්ගයෙ මිටර් 15ක් පමණ දුරට වනඅලියා ඈදිගොස් තිබෙන අතර දුම්රිය මාර්ගයේ අතුරා තිබූ කොන්ක්‍රීට් කණු 10ක් පමණ ද කැඩිගොස් තිබෙනවා.

අනතුරින් මිය ගිය වනඅලියා වසර 20ක් පමන වයස වන අලියකූ බවයි වනජීවි නිලධාරීයෙකූ සඳහන් කරන්නේ.

එසේ ම අනතුරට පත් වනඅලියා අලියා දුම්රියෙ ඉදිරිපස ඇන්ජීම තුළ සිරවි සිටින අතර දුම්රිය ගමනාගමනය ඇණ හිටීම නිසා පීඩාවට පත් වූ මගීන් පොලීසිය විසින් බස්රථවලින් පිටත් කර ‍යවා තිබෙනවා.

අනතුරින් කිසිදු මගියෙකුට හානියක් සිදුව නොමැති අතර පීලි පැනීමට ලක් වූ දුම්රිය තවමත් පීලි ගත කර නොමැති බවයි අප වාර්තාකරු පවසන්නේ.

කවුඩූල්ල සහ මින්නෙරිය වන උද්‍යානවල සිටින වනඅලින් මෙසෙ දුම්රිය මාර්ගය හරවා රංචු පිටින් මාරුවන වීට මෙම අනතුරු වලට මුහුණ දෙන බවයි ප්‍රදේශවාසින් පවසන්නේ. 






No description available.

No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top