ඊයේ (12) දහවල් කාලයේ දී ගල්කිස්ස විජේසිරිවර්ධන මාවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් හත් දෙනෙකු අත් අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසිය සමත් වී තිබෙනවා.
ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මත කරන ලද වැටලීමකිනුයි මෙම සැකකාරියන් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ.
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය මෙම ගණිකා නිවාසයෙන් අතර අත්අඩංගුවට ගන්නා ලද සැකකාරියන් අතර වයස අවුරුදු 21 -44 දක්වා අය පසු වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.
අත් අඩංගුවට ගන්නා ලද සැකකාරියන් බුත්තල, රත්නපුරය, නුවර එළිය, වාද්දූව, පානදුර, තඹුත්තේගම හා රුවන්වැල්ල යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි පොලිසිය වාර්තා කරන්නේ.
සැකකාරියන් අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.