ගංජා හේන ගැන නියෝජ්‍ය කථානායකගෙන් ප්‍රකාශයක්
Wednesday, 11 January 2023 - 13:17 | Views - 491

මත්තල ප්‍රදේශයේ කුලී පදනම මත ලබාදුන් තමන්ට අයත් ඉඩමක ගංජා හේනක් පවත්වාගෙන ගොස් ඇති බවට පලවන වාර්තා වල කිසිදු සත්‍යතාවක් නොමැති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසිමකදි ඔහු සදහන් කළේ මෙම සිද්ධිය සිය දේශපාලන ප්‍රතිරූපයට මඩගැසීම සදහා ගත් උත්සහයක් බවයි.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට අයත් ඉඩමක් කුලී පදනම මත ලබාගෙන ගංජා හේනක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පලව තිබුනා.
එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුනේ සුරියවැව ප්‍රදේශයේ පදිංචි සැකකරු එළවළු සහ පළතුරු වගාකරන බව පවසමින් මත්තල ප්‍රදේශයේ පිහිටි අදාල ඉඩම කුලි පදනම මත නියෝජ්‍ය කථානායකවරයාගෙන් ලබා ගෙන ඇති බවයි.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකළ අතර, අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කතගරම පොලිසියට භාරදි තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ ඉඩමේ අයිතිය පිළිබඳව අප කතරගම පොලීසියෙන් විමසීමක් කළ අතර, දුරකථනට ප්‍රතිචාර දැක්වූ නිලධාරියා සඳහන් කළේ ස්ථානාධිපතිවරයා නඩු කටයුත්තක් සඳහා පොලීසියෙන් බැහැරට ගොස් ඇති බැවින් ඊට අදාළ තොරතුරු ලබාදිය නොහැකි බවයි.
Share This Article