ගංජා හේන ගැන නියෝජ්‍ය කථානායකගෙන් ප්‍රකාශයක්
Wednesday, 11 January 2023 - 13:17 | Views - 492
මත්තල ප්‍රදේශයේ කුලී පදනම මත ලබාදුන් තමන්ට අයත් ඉඩමක ගංජා හේනක් පවත්වාගෙන ගොස් ඇති බවට පලවන වාර්තා වල කිසිදු සත්‍යතාවක් නොමැති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදි ඔහු සදහන් කළේ මෙම සිද්ධිය සිය දේශපාලන ප්‍රතිරූපයට මඩගැසීම සදහා ගත් උත්සහයක් බවයි.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට අයත් ඉඩමක් කුලී පදනම මත ලබාගෙන ගංජා හේනක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පලව තිබුනා.

එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුනේ සුරියවැව ප්‍රදේශයේ පදිංචි සැකකරු එළවළු සහ පළතුරු වගාකරන බව පවසමින් මත්තල ප්‍රදේශයේ පිහිටි අදාල ඉඩම කුලි පදනම මත නියෝජ්‍ය කථානායකවරයාගෙන් ලබා ගෙන ඇති බවයි.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකළ අතර, අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කතගරම පොලිසියට භාරදි තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ ඉඩමේ අයිතිය පිළිබඳව අප කතරගම පොලීසියෙන් විමසීමක් කළ අතර, දුරකථනට ප්‍රතිචාර දැක්වූ නිලධාරියා සඳහන් කළේ ස්ථානාධිපතිවරයා නඩු කටයුත්තක් සඳහා පොලීසියෙන් බැහැරට ගොස් ඇති බැවින් ඊට අදාළ තොරතුරු ලබාදිය නොහැකි බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top