නව දුම්රිය කාලසටහන - පෙබරවාරියේ
Wednesday, 11 January 2023 - 7:44 | Views - 368
ලබන මස මුලදී පවතින ධාරිතාව අනුව නව දුම්රිය කාලසටහනක් ලබාදීමට කටයුතු කෙරෙන බව ප්‍රවාහන සහ මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණ වුණා.
සේවකයන් විශ්‍රාම යාම හේතුවෙන් දුම්රිය අවලංගු වීම වැළැක්වීම සඳහා මෙම මාසය අවසන් වනවිට වැඩපිළිවෙලක් සකස් කරන බවයි දෙපාර්තමේන්තු නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.
පසුගිය වසර අගදී විශ්‍රාම ගොස් ඇත්තේ දුම්රිය රියදුරන් දසදෙනෙකු පමණක් බවද ඔවුන් එහිදී අනාවරණ කළා.
කටුනායක ගුවන් තොටුපලට වැඩි සංචාරකයන් ප්‍රමාණයක් පැමිණීම නිසා ඉන්ධන සැපයීම සඳහා වැඩි දුම්රිය සංඛ්‍යාවක් පසුගිය දිනවල යෙදවීමට සිදුවූ බවත්, ඒ හේතුවෙන්ද දුම්රිය ධාවනය තරමක් අවම කිරීමට සිදුවූ බවත්, ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙහිදී කියා සිටියා.
Share This Article