දිල්ලියේ දැඩි මීදුම හේතුවෙන් වසා දමා ඇති පාසල් විවෘත කිරීම තවත් සතියකින් කල් දමා තිබෙනවා.
දැඩි මීදුමත් සමඟ දිල්ලියේ ජන ජීවිතයට බලපෑම් එල්ලවී ඇති අතර, ගුවන් ගමන්ද ප්රමාද වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෝටර් රථ අනතුරු කිහිපයක් ද වාර්තා වී ඇති අතර, දුම්රිය රැසක් ප්රමාද වී ඇති බව ද ඉන්දීය වාර්තා පෙන්වා දුන්නා.
ඉන්දීය කාලගුණ අංශ පෙන්වා දුන්නේ හෙට දක්වා දිල්ලි නගරය මෙන්ම පන්ජාබ්, හර්යානා, උත්තර් ප්රදේශ් මෙන්ම බිහාර් ප්රාන්තයේ බොහෝ ප්රදේශවලට ඝන මීදුම් තත්වයක් තවදුරටත් පැවතිය හැකි බවයි.