බස් සංගම් ගමනාගමන කොමිසමේ සාකච්ඡාවක
Monday, 09 January 2023 - 13:04 | Views - 344
පෞද්ගලික බස් රථ සංගම් නියෝජිතයන් අද (09) සාකච්ඡාවක් සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

පෙරවරුවේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත පැමිණි බස් සංගම් නියෝජිතයින් කියා සිටියේ ගාස්තු අඩු කිරීමකට මේ මොහොතේ සුදානම් නොමැති බවයි.

අදාළ සාකච්ඡාව මේ වන විටත් පැවැත්වෙන අතර, සාකච්ඡාවට පෙර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සහ සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. 

UP DATE..

පෞද්ගලික බස් රථ සංගම් නියෝජිතයන් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

මෙහිදී ගමනාගමන කොමිසමේ නියෝජිතයින් බස් සංගම්වලින් ඉල්ලා ඇත්තේ රුපියලකින් හෝ බස් ගාස්තු අඩු කරන ලෙසටයි.

එහෙත් බස් සංගම් පෙන්වා දුන්නේ ඩීසල් මිල අඩුවුව ද බස් කර්මාන්තයේ අනෙකුත් යෙදවුම් මිල ඉහළ යාම හේතුවෙන් ගාස්තු අඩු කිරීමක් සිදුකළ නොහැකි බවයි.

ඒ අනුව දෙපාර්ශ්වය අතර සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

තවත් රුපියල් 30 කින් පමණ ඩීසල් මිල අඩු කරන්නේ නම් බස් ගාස්තු සංශෝධනය කළ හැකි බව බස් සංගම් නියෝජිතයින් මෙහිදී සඳහන් කර තිබුණා.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top