පළාත් 3කට අද - අඩුවට බිත්තර
Monday, 09 January 2023 - 10:36 | Views - 288
බිත්තර ආනයනයේ දී ඩොලර් වැය නොකර ඉන්දීය රුපියල් භාවිත කිරීමට සැළලසුම් කර තිබෙනවා.

මෙරට සතු ඩොලර් සංචිත සීමිත වීම ඊට හේතුවයි.

අද (09) දිනයේ බිත්තර ආනයනය සඳහා ජාත්‍යන්තර මිල ගණන් යටතේ ටෙන්ඩර් කැඳවා අවසන් කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පසුගියදා ප්‍රකාශ කළා.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා බිත්තර ආනයනයට අදාළ කටයුතු සිදු කෙරෙන අතර එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ බිත්තර මිලියන 20ක් ආනයනයට සැලසුම් කර ඇති බවයි.

පළමු අදියර යටතේ බිත්තර මිලියන 5ක් ආනයනය කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව පළමු තොගය ඉන්දියාවේ - තමිල්නාඩුවෙන් ආනයනය කිරීමට සැළසුම් කර ඇති අතර ඒ සඳහා ගතවන්නේ දින දෙකක් පමණයි.

ඉන්දියාව සමඟ ඉන්දීය රුපියල් යොදා ගනිමින් ගණුදෙනු කිරීමේ අවස්ථාව මෙරටට ද ලබා දීමට ඉන්දීය මහ බැංකුව පසුගියදා අනුමැතිය ලබා දුන්නා.

ඒ අනුව වෙළඳගනුදෙණු සඳහා ඩොලර් වෙනුවට ඉන්දීය රුපියල් යොදා ගැනීමට හැකියාව පවතින අතර ඒ සඳහා වොස්ට්‍රෝ ගිණුම් 3ක් විවෘත කිරීමට ද ඉන්දීය මහ බැංකුව අවස්ථාව සලසා දී තිබෙනවා.

කෙසේ වෙතත් විදෙස් වාර්තා සඳහන් කළේ වසර 50කට පසු ඉන්දියාවේ බිත්තර මිල ඉහල ගොස් ඇති බවයි.

අද (09) සිට එරට බිත්තරයක් අලෙවි කරනු ලබන්නේ ඉන්දීය රුපියල් 5යි ශත 65කටයි.

මේ අතර පළාත් 3කට අද දිනයේ රුපියල් 53 බැගින් බිත්තර අලෙවි කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සරත් රත්නායක කියා සිටියේ උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වලට ගොස් මෙලෙස බිත්තර අලෙවි කිරිම සිදුකරන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top