අවස්ථා දෙකක දී රුපියල් 25කින් ඩීසල් මිල අඩු කෙරුණද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ සේවක වැටුප් ගෙවීම සහ ආදායම පහත වැටීම වැනි කරුණු නිසා බස් කර්මාන්තය මේ වනවිට අර්බුදයකට ලක්ව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් තීරණයක් ගත යුතු බවයි.
කෙටි දුර ධාවන බස් රථ සඳහා අවම වශයෙන් දෛනිකව ඩීසල් ලීටර් 40 ක් පමණ වැයවන බව සඳහන්.
ඒ අනුව අවස්ථා දෙකේදීම ඩීසල් මිල රුපියල් 25කින් අඩුවීම මගින් බස් රථ සඳහා අවශ්‍ය දෛනික ඩීසල් ප්‍රමාණයෙන් රුපියල් 1000 ක ඉතිරියක් පවතිනවා.
එලෙස ඩීසල් මිල අඩුකිරීම හරහා මසකට රුපියල් 30,000 ක පමණ ඉතිරියක් බස් රථ සඳහා හිමි වන නමුත් ඇතැම් බස් සංගම් පෙන්වා දෙන්නේ ඩීසල් මිල අඩුකළ පමණින් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බවයි.