සුරාබදු ඉහළ යාම සහ රට මුහුණදුන් ආර්ථීකමය ගැටළු හේතුවෙන් පසුගිය වසරේදී මත්පැන් අලෙවිය සියයට 50කින් පහත වැටී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක සහ ආදායම් මෙහෙයුම් අංශයේ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ 2021 වසරට සුරාබදු ආදායම රුපියල් බිලියන 140 ක් වූ අතර, පසුගිය වසරේදී සුරාබදු ආදායම රුපියල් බිලියන 170 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.