රජයේ පාසල් සඳහා පෙළ පොත් මුද්‍රණය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළා.
ඒ අනුව පොත් වර්ග 300 කට අධික සංඛ්‍යාවකින්, පිටපත් මිලියන 43ක මුද්‍රණය කටයුතු ආරම්භ කර ඇති බවයි ඇය කියා සිටියේ.
මාර්තු මාසයේ ආරම්භ වන නව පාසල් වාරයේ බෙදා හැරීමේ අපේක්ෂාවෙන් මෙම පෙළපොත් මුද්‍රණ කටයුතු ආරම්භ කර ඇති බවයි රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ වැඩිදුරටත් සඳහන් කළේ.