ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රදේශයේ ජෝෂිමාත් නගරය ගිලාබැසීමේ අවදානම හේතුවෙන් පවුල් 600 ක පිරිසක් වහාම ඉවත් කරන ලෙස උත්තරාකාන්ද් ප්‍රධාන අමාත්‍යවරයා බලධාරීන්ට දැනුම්දී තිබෙනවා.
ඊයේ (06) දිනය වනවිටත් පවුල් 50 ක පිරිසක් ඉවත් කිරීමට ගලවාගැනීමේ හමුදාව කටයුතු කර තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ජොෂිමාත් නගරයේ වසරකට වැඩි කාලයක් පුරා ගොඩනැගිලි සහ නිවාස ඉරිතැලීම් වාර්තාවෙමින් තිබූ අතර ගතවූ දින 15 තුළ එය සීග්‍ර වූ බවයි වාර්තා වන්නේ. එමෙන්ම එම නගරයේ සිදු කෙරෙන සියලුම සංවර්ධන ව්‍යාපෘති නතර කිරීමටද නියෝග ලබාදී ඇති බව සඳහන්.