කොළඹට පැය 18ක ජල කප්පාදුවක්
Saturday, 07 January 2023 - 7:06 | Views - 1,738
කොළඹ ප්‍රදේශ රැසකට අද (07) සහ හෙට (08) යන දෙදින පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ අද රාත්‍රී 10 සිට ඉරිදා පස්වරු 04 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
ඒ අනුව, කොළඹ 01, 02, 03, 04, 07, 09, 10 සහ 11 යන ප්‍රදේශවල අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
මාලිඟාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නල පද්ධතියට අදාළ ව්‍යාපෘතියේ සිදුකරනු ලබන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරනු ලබන බවයි ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.
Share This Article