තැපැල් ඡන්දයට අයදුම් කිරීම - අද සිට
Thursday, 05 January 2023 - 9:59 | Views - 1,166
නාම යෝජනා කැඳවීම් නිකුත් කළ පළාත් පාලන ආයතන 340 හි ඡන්ද විමසීමට අදාළව තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රජයේ සේවකයින්ට අද (05) සිට අයදුම් කළ හැකි යි.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ලබන 23 වනදා මධ්‍යම රාත්‍රී 12ට එම කාල සීමාව අවසන් වන බව යි.
අදාළ දිනය නැවත කිසිසේත් දීර්ඝ නො කරන බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම එළැඹෙන 18 වැනි දා සිට 21 සිදු කෙරෙන බව ඊයේ මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නා.
එමෙන්ම ඊයේ සිට ඇප මුදල් තැන්පත් කිරීමට අවස්ථාව උදා වූ අතර, ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල මහ නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායමක් ඇප තැන්පත් කරනු ලැබුවා.
මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ ලබන 20 වැනිදා දහවල් 12 දක්වා පමණක් දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට ඇප මුදල් තැන්පත් කළ හැකි බව යි.
Share This Article