අඩු වුණු බස් ගාස්තු ප්‍රකාශයට !
Thursday, 05 January 2023 - 9:32 | Views - 567
අධිවේගි මාර්ගවල මගීන්ගෙන් අය කරන ගමන් ගාස්තුව ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10කින් අඩු කිරීමට පියවර ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව මාකුඹුර - ගාල්ල අතර නව ගාස්තුව රුපියල් 930ක් වන අතර, මාකුඹුර - මාතර අතර නව බස් ගාස්තුව රුපියල් 1170ක්.

කඩුවෙල - මාතර අධිසුඛෝපභෝගී නව බස් ගාස්තුව රුපියල් 1260ක් දක්වා අඩු කර තිබෙනවා.

අධිවේගී මාර්ගයේ කොළඹ - කතරගම අතර නව බස් ගාස්තුව රුපියල් 2270ක් බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේ.

කොළඹ - මාතර අධිවේගී මාර්ගයේ නව බස් ගාස්තුව රුපියල් 1300ක්.

ඊට අමතරව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ - කතරගම ගාලු පාරේ ධාවනය වන බස්රථවල අර්ධ සුඛෝපභෝගි සේවාව ඉවත් කර සාමාන්‍ය බස් රථ සේවාවක් බවට පත් කෙරුණා.

ඒ අනුව එම මාර්ගයේ අර්ධ සුඛෝපභෝගි බස් රථවලින් අය කෙරෙන ගාස්තු අඩු කර තිබෙනවා.

එමෙන්ම කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවනය අද (05) සිට අනුරාධපුරය දක්වා සීමා කර තිබෙනවා. ඒ මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන්.

මේ අතර, ආනයන සහ අපනයන බහාළුම් ප්‍රවාහන ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියයට 2යි දශම 5කින් අඩු කරන බව එක්සත් ලංකා බහාළුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සනත් මංජුල කියා සිටියේ, අවස්ථා දෙකක දී ඩීසල් මිල පහත දැමීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව යි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top