අඩු වුණු බස් ගාස්තු ප්‍රකාශයට !
Thursday, 05 January 2023 - 9:32 | Views - 568

අධිවේගි මාර්ගවල මගීන්ගෙන් අය කරන ගමන් ගාස්තුව ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10කින් අඩු කිරීමට පියවර ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
ඒ අනුව මාකුඹුර - ගාල්ල අතර නව ගාස්තුව රුපියල් 930ක් වන අතර, මාකුඹුර - මාතර අතර නව බස් ගාස්තුව රුපියල් 1170ක්.
කඩුවෙල - මාතර අධිසුඛෝපභෝගී නව බස් ගාස්තුව රුපියල් 1260ක් දක්වා අඩු කර තිබෙනවා.
අධිවේගී මාර්ගයේ කොළඹ - කතරගම අතර නව බස් ගාස්තුව රුපියල් 2270ක් බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේ.
කොළඹ - මාතර අධිවේගී මාර්ගයේ නව බස් ගාස්තුව රුපියල් 1300ක්.
ඊට අමතරව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ - කතරගම ගාලු පාරේ ධාවනය වන බස්රථවල අර්ධ සුඛෝපභෝගි සේවාව ඉවත් කර සාමාන්‍ය බස් රථ සේවාවක් බවට පත් කෙරුණා.
ඒ අනුව එම මාර්ගයේ අර්ධ සුඛෝපභෝගි බස් රථවලින් අය කෙරෙන ගාස්තු අඩු කර තිබෙනවා.
එමෙන්ම කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවනය අද (05) සිට අනුරාධපුරය දක්වා සීමා කර තිබෙනවා. ඒ මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන්.
මේ අතර, ආනයන සහ අපනයන බහාළුම් ප්‍රවාහන ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියයට 2යි දශම 5කින් අඩු කරන බව එක්සත් ලංකා බහාළුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සනත් මංජුල කියා සිටියේ, අවස්ථා දෙකක දී ඩීසල් මිල පහත දැමීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව යි.
Share This Article