ගෑස් මිල අද පහළට
Thursday, 05 January 2023 - 9:08 | Views - 932
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ත් 300ත් අතර අගයකින් අද (05) සිට පහළ දමන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළා.
පසුගිය දෙසැම්බර් 5 වනදා ගෑස් මිල ඉහළ දැමුණු අතර එහි දී කිලෝග්‍රෑම් 12යි දශම 5හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් ඉහළ ගියා.
ඒ අනුව එහි මිල සටහන් වූයේ රුපියල් 4610ක් ලෙස යි.
මේ අතර, මේ වසරේ පළමු ගල් අඟුරු නෞකාව අද පුත්තලමට ළඟා වන බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර ප්‍රකාශ කළා.
ගල් අඟුරු මෙටි්‍රක් ටොන් 60,000ක් එමඟින් දිවයිනට රැගෙන එනු ලබනවා.
Share This Article