බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළට
Wednesday, 04 January 2023 - 15:51 | Views - 644
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.
ලොව විශාලතම බලශක්ති පාරිභෝගිකයෙකු වන චීනයේ ඉල්ලුම පහත වැටිම, ගෝලීය ආර්ථිකයේ අඳුරු පැතිකඩ සහ ඩොලරය ශක්තිමත්වීම හමුවේ එලෙස බොරතෙල් මිල පහත වැටී ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලකයක මිල ඊයේ (03) දිනයේදී ඩොලර් 3.81කින් එනම් 4.4%කින් පහත වැටී ඇති අතර එම තෙල් බැරලයක මිල සටහන්වුයේ ඩොලර් 82.10ක් ලෙසින්.
එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිලද ඊයේ 4.1%කින් පහත වැටුණු අතර එම තෙල් බැරලයක මිල ඩොලර් 76.93 ක් ලෙස සටහන් වුනා.
කෙසේ වෙතත්, පසුගිය (02) දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළා.
ඒ අනුව, ලංකා සුදු ඩීසල් මිල රුපියල් 15කින් පහත දමා තිබෙනවා.
එසේම භූමිතෙල් මිලද රුපියල් 10කින් පහත දමා තිබෙනවා.
ඒ අනුව, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 355ක්.
Share This Article