බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළට
Wednesday, 04 January 2023 - 15:51 | Views - 645
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.

ලොව විශාලතම බලශක්ති පාරිභෝගිකයෙකු වන චීනයේ ඉල්ලුම පහත වැටිම, ගෝලීය ආර්ථිකයේ අඳුරු පැතිකඩ සහ ඩොලරය ශක්තිමත්වීම හමුවේ එලෙස බොරතෙල් මිල පහත වැටී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලකයක මිල ඊයේ (03) දිනයේදී ඩොලර් 3.81කින් එනම් 4.4%කින් පහත වැටී ඇති අතර එම තෙල් බැරලයක මිල සටහන්වුයේ ඩොලර් 82.10ක් ලෙසින්.

එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිලද ඊයේ 4.1%කින් පහත වැටුණු අතර එම තෙල් බැරලයක මිල ඩොලර් 76.93 ක් ලෙස සටහන් වුනා.

කෙසේ වෙතත්, පසුගිය (02) දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළා.

ඒ අනුව, ලංකා සුදු ඩීසල් මිල රුපියල් 15කින් පහත දමා තිබෙනවා.

එසේම භූමිතෙල් මිලද රුපියල් 10කින් පහත දමා තිබෙනවා.

ඒ අනුව, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 355ක්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top