යාල යන්න - ඩොලර්වලින් ගෙවන්න
Wednesday, 04 January 2023 - 14:46 | Views - 953
යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයන්ට මේ මාසයේ සිට ඩොලර් ගෙවා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ පහසුකම සළසා ඇති බව කෘෂිකර්ම, වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසනවා.
මේ දිනවල යාල වනෝද්‍යානය නැරඹීමට විදෙස් සංචාරකයින් බහුල ව පැමිණෙන බැවින් ඔවුන්ට ඩොලර් මගින් ගෙවීමේ පහසුකම් සළසා දෙන ලෙසට යි විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
Share This Article