පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීමට දින නියම වෙයි (Video)
Wednesday, 04 January 2023 - 9:54 | Views - 4,388
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිසම අද දින නියම කළා.

ඒ අනුව ලබන 18වනදා සිට 21වනදා දක්වා පළාත් පාලන ආයතන 341න් 340ක් සඳහා නාමයෝජනා කැඳවන බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ.

2018 වසරේ පැවති පළාත් පාලන ඡන්ද විමසීමේ දී අධිකරණ නියෝගයකට අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සිදු වූයේ නියමිත කාලයට පසු ව වන අතර, එහි නිළ කාලය මේ වනතුරුත් අවසන් වී නැහැ.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂවලට ඇප මුදල් තැන්පත් කිරීමට දැන් අවස්ථාව හිමිවන අතර, එය අවසන් වන්නේ ලබන 20 වනදා දවල් 12න්.

නාම යෝජනා කැඳවීම සම්බන්ධයෙන් දැන්වීම දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් නිකුත් කරනු ලැබූ අතර, එහි නාම යෝජනා භාර ගන්නා දිනය,ස්ථානය, ඇප මුදල් සම්බන්ධයෙන් විස්තර, අපේක්ෂක සංඛ්‍යාව සහ කාන්තා නියෝජනය යන කරුණු ඇතුලත්.

පළාත් පාලන ආයතනයක සියයට 25ක කාන්තා නියෝජනයක් සිටිය යුතු බව දක්වමින් පසුගිය මස 29 වනදා මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා.

දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩයාමක අපේක්ෂකයන් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල ද එමගින් ප්‍රකාශයට පත් කළා.

මෙවර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන්නේ පසුගිය වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව වන අතර, ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති මුළු ඡන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැටඅට ලක්ෂයක්.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙට (5) සිට ජනවාරි 23 මධ්‍යම රාත්‍රිය දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම පවසනවා. 

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top