2023 නව වසර ගැන කතා කරන්න හිරු වටා එකතු වෙලා ඉන්න ඔබටයි මේ ප්‍රාර්ථනාව,
මේ කප පවතිනා තුරා කිසි අවැඩක් කරදරයක් නොවන්න. ඒ කප සංසාර පුරා නිරෝගී සම්පත් ලැබෙන්න
නාථ දෙවිඳු අනුහසයෙන් ධර්ම දේශය වැඩෙන්න. සියලු අසැප දොස් තැන් දුරු කර ඔබ
හට සෙත දෙවන්න.
2023 වසර ඔබ සෑම දෙනාටමත් ලෝකවාසි සෑම දෙනාටමත් ආයු සැප බල වර්ණ කියන ගුණාංගවලින් සමන්විත යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන, අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන්, නියමිත පන්නරයක් ඇතිව සියලුම බලාපොරොත්තු සාර්ථකත්වය මුදුන්පත් කරගන්න පුළුවන් වසරක් බවට පත් කර ගන්න පුළුවන් වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
2023 කියන්නේ වෙනස්ම වූ වසරක්. මේ වසර ග්‍රහ යුද්ධ 11කින් සම්න්විත වෙනවා. ඒ වගේම තමයි සුර්යග්‍රහණ දෙකකු, චන්ද්‍රග්‍රහණ දෙකකුත් තිබෙන අතර ප්‍රධාන ග්‍රහ මාරු වීම් හතරකින් සමන්විත වෙනවා. ග්‍රහ යුද්ධ 11 ගත්තාට පස්සේ මේ ග්‍රහ යුද්ධවලින් වැඩි ප්‍රමාණයක් ඒ කියන්නේ ග්‍රහ යුද්ධ පහක් සිද්ධ වෙනවා. වසර ආරම්භයේදීම මාර්තු මාසයේදී ග්‍රහ යුද්ධ පහක් සිද්ධ වෙද්දී බුද්ධියට අධිපති බුධ, ග්‍රහ යුද්ධ පහකට සම්බන්ධ වෙලා තුනක් තමයි එයින් ජයග්‍රහණය කරන්නේ.
සුර්යග්‍රහණ දෙකෙන් එකක් අප්‍රේල් මාසේ 20 වෙනිදා සහ අනික ඔක්තෝබර් මාසේ 14 වෙනිදා සිද්ධ වෙනවා.
චන්ද්‍රග්‍රහණ දෙකක් සිදු වෙනවා මැයි මාසේ පස් වෙනිදා සහ ඔක්තෝබර් මාසේ 28 වෙනිදා.
ඒ වගේම තමයි මේ වසර ආරම්භයේදිම සිදුවන සුවිශේෂ ග්‍රහ මාරු වීමක් වන සෙනසුරු මාරුව අපේ හිතට දැනෙන ගතට රිදෙන ග්‍රහයෙක් හැටියට කටයුතු කරන සෙනසුරු වසර 30කට පස්සේ කුම්භ රාෂිගත වීම සිද්ධ වෙනවා. 2023 ජනවාරි මාසේ 17 වෙනිදා හවස 06-03ට සෙනසුරු මීට කලින් කුම්භ රාෂිගත වුණේ 1993 මාර්තු මාසේ 05 වෙනිදා. ඊටත් කලින් සෙනසුරු කුම්භ රාෂිගත වුණේ 1964 ජනවාරි මාසේ 27 වෙනිදා.
ඊටත් කලින් සෙනසුරුගේ කුම්භ රාෂිගත වීම දක්නට ලැබුණේ 1934 මාර්තු මාසේ 18 වෙනිදා. ඉතින් මේ 2023 ජනවාරි මාසේ 17 වෙනිදායින් පස්සේ නැවතත් අපිට සෙනසුරුව කුම්භ රාෂියේ මුණගැහෙන්නේ 2035 අප්‍රේල් මාසේ 04 වෙනිදා. ඒ වගේම 2047 මාර්තු මාසේ 21 වෙනිදා ග්‍රහ මාරුව සිද්ධ වෙනවා සිංහල අලුත් අවුරුද්ද ගෙවිලා දින කීපයක් යද්දී 2023 අප්‍රේල් මාසේ 23 වෙනිදා උදේ 05-15ට බ්‍රහස්පති මේෂ රාෂිගත වෙනවා- ඉතින් වසර 12කට සැරයක් සිදු වන මේ මේෂ රාෂිගත වීම මීට ප්‍රථම බ්‍රහස්පති මේෂ රාෂියේ රැඳී සිටියේ 2011 මැයි මාසේ 07 වෙනිදා- ඊට කලින් රැඳී සිටියේ 1999)ුමදඑත මැයි මාසේ 24 වෙනිදා- ඊටත් කලින් 1987)ුමදඑත 06 වෙනි මාසේ 18 වෙනිදා- 2023 අප්‍රේල් මාසේ 22 වෙනිදා මදඑත බ්‍රහස්පති මේෂ රාෂිගත වීමෙන් පස්සේ නැවතත් අපිට බ්‍රහස්පතිව මේෂ රාෂියේ හමුවෙන්නේ 2040 නොවැම්බර් මාසේ 17 වෙනිදාත් 2050 ජුනි මාසේ 24 වෙනිදාත් හැටියට දක්වන්න පුළුවන්-
වසර අවසානය සනිටුහන් වෙන්න මාස දෙකක් තියලා තමයි අනෙකුත් ග්‍රහ මාරු වීම් දෙකම සිද්ධවෙන්නේ- එකක් තමයි රාහු මීන රාෂිගත වීමත් කේතු කන්‍යා රාෂි ගත වීමත් සිදු වීම- ඔක්තෝබර් මාසේ 30 වෙනිදා හවස 5-55ට තමයි මෙම ග්‍රහ මාරු වීම් දෙකම සිද්ධ වෙන්නේ- රාහු මීන රාෂියේත් කන්‍යා රාෂියෙත් මීට කලින් අපිට දක්නට ලැබුණේ 2005 මාර්තු මාසේ 25 වෙනිදා- ඊට කලින් අපිට දක්නට ලැබුණේ 1986 අගෝස්තු මාසේ 18 වෙනිදා- ඊටත් කලින් අපිට දක්නට ලැබුණේ 1968 ජනවාරි මාසේ 11 වෙනිදා-2023 ඔක්තෝබර් මාසේ 30 වෙනිදා රාහු කේතු මාරුව මීන රාෂියෙත් කන්‍යා රාෂියෙත් ආපහු අපිට දක්නට ලැබෙන්නේ 2040 නොවැම්බර් මාසේ 17 වෙනිදා වගේම 2059 06 වෙනි මාසේ 17 වෙනිදා -
මෙන්න මේ ආකාරයට තමයි 2023 වසරේ ජ්‍යොතිෂයට අනුව ග්‍රහ රටාව සකස් වෙලා තියෙන්නේ- කොහොම වුණත් සෙනසුරු 2022
අප්‍රේල් මාසේ 29 වෙනිදා කුම්භ රාෂියට ප්‍රවේශ වෙලා ජූලි මාසේ 12 වෙනිදා වෙනකල්ම කුම්භ රාෂියේ රැඳි සිටියා- සෙනසුරු
කියන්නේ ග්‍රහලොවේ කම්කරුවා- එහෙමත් නැත්නම් දුකට අධිපති ග්‍රහයා හැටියට තමයි සලකන්නේ - එතකොට ඒ පොදු ජනයාගේ නැගී සිටීම අපිට දක්නට ලැබුණා- 2022 අප්‍රේල් මාසේ 29 වෙනිදාත් 2022 ජූලි මාසේ 17 වෙනිදාත් අතර කාලයේදි- ඉතින් මෙන්න මෙවැනිම පීඩිත පංතිය නියෝජනය කරන ග්‍රහයෙක් හැටියට තමයි සෙනසුරුව හැඳින්වීමේ හැකියාව තියෙන්නේ-
කොහොම වුණත් සෙනසුරු පාලක පක්ෂයට යම් බලපෑමක් කිරීමට ඉඩකඩ බොහෝ දුරට තිබෙන නිසා සෑම දෙනාම ඒ ගැන සැලකිලිමත් විය යුතුයි- සෙනසුරුගේ අතේ තමයි දිව්‍ය ලෝකේ යතුරයි අපායේ යතුරයි දෙකම තියෙන්නේ- ඉතින් හිරු වටා සිටින ඔබ බලන්න ඔබේ අතේ තියෙන්නේ මොන යතුරද කියලා- කොහොම වුණත් සෙනසුරුගේ දිව්‍ය ලොකේ යතුර ගන්න විදිහ අද අපි කියලා දෙනවා- ඒ වගේම තමයි ග්‍රහලොකේ පුරෝහිතයා ලෙස සැලකෙන බ්‍රහස්පති තමයි ඊට පස්සේ අප්‍රේල් මාසේ මේශ රාශියට ප්‍රවේශ වෙන්නේ- ඉතින් මේෂ රාශිය කියන්නේ)ුමදඑත ග්‍රහලොවේ සෙන්පතියා- සෙන්පතියයි) පුරෝහිතයයි එකතු වීම තු) බොහෝ විට අපිට යහපත් ලෙසින් අපේ රටේ ඉදිරි දිශානතිය දැකීමේ හැකියාව තියෙනවා- වසර අවසානයේ ඡායා ග්‍රහයින් ලෙස සැලකෙන රාහු මීන රාශිගත වීමත් කේතු කන්‍යා රාශිගත වීමත් දක්වන්නට පුලුවන්-
කොහොම වුණත් මේ ග්‍රහ මාරුව තු)කඑත කාලගුණික දේශගුණික විපර්යාස මතු කරන්න බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා- පොදුවේ ග්‍රහයන්ගෙන් එන බලපෑම මේ විශ්වයට දැනෙද්දී අවට පරිසරයට තමයි දැනෙන්නේ- ඉතින් අවට පරිසරයට දැනෙන දේ තමයි අපිට අත් විඳින්න ලැබෙන්නේ- කොහොම වුණත්)ුමදඑත තමන් අදහන ආගම දහමට එකඟ වෙලා)ුමදඑත තමන්ගේ දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු දියත් කරන්න. පොදුවේ සෑම දෙනාටම 2023 වසර අභියෝග රාජ යෝග බවට පත් කර ගන්න පුළුවන්- කොහොම වුණත් ලග්නයෙන් ලග්නයට මේ වසරේ තිබෙන ග්‍රහ රටාව කොයි වගේ ක්‍රියාත්මක වෙයි. ඒ ග්‍රහ රටාව පරයා අපගේ බලපොරොත්තු අභිමතාර්ථ මුදුන්පත් කර ගන්නේ කොහොමද කියලා අපි දැන් විමසා බලමු-
සිංහ :
පස්වන රාශිය වූ සිංහ ලග්නෙන් උපන් ඔබත් බලාගෙන ඇති 2023 ඔබට කොහොමද
කියලා නේද රෑ සිංහ ලග්න හිමියන්ට මේ වසර ඉතාම සුවිශේෂ වසරක් වෙනවා.
මොකද සෙනසුරු 7 වැන්නට
ප්‍රවේශ වෙන්නේ සස කියන පංච මහා පුරුෂ යෝගයක් උදා
කරමින් ජනවාරි මාසේ 17ගඊළඟ ග්‍රහ මාරුව සිද්ධ වෙන්නේ
බ්‍රහස්පති පෙර පින් ගැන කතා කරන පුණ්‍යස්ථානය වූ 9
වැන්නට ප්‍රවේශ වෙනවා. අප්‍රේල් මාසේ විසි දෙවැනි දාග රාහු අට
වැන්නටත් කේතු දෙවැන්නටත් ප්‍රවේශ වෙන්නේ ඔක්තෝබර් මාසේ
තිස් වෙනිදාග සිංහ ලග්න හිමියන්ට එක දෙයක් කියන්න කැමතියි.
ජීවිතයත් පාසලත් අතර වෙනස අනුපිළිවෙල ගැන හිතුවොත් විතරයි
අපට තීරණය කර ගන්න පුළුවන් වෙන්නේ. පාසලේදී උගන්වලා
තමයි විභාග දෙන්නෙග ජීවිතයේදී විභාගේ දීලා තමයි උගන්වන්න
ගන්නේග ඉතින් සිංහ ලග්න හිමියන් මේ වසර තුළ ඔබට උගන්වන
පාඩම් පිළිබඳ හොඳ අවබෝධයකින් හිටියොත් 2023 වසර ඔබට
එතරම් අභියෝගතා සපිරි වසරක් නොවෙයිග කොහොම වුණත්
ගෘහ ජීවිතය අතින් ගත්කල හත අධිපති හතේම බලවත් වීම වඩාත්
යහපත් වෙනවා. පවුලේ අයගේ උන්නතිය අභිවෘද්ධිය කීර්තියට ඔබ
විසින් දරනු ලබන උත්සාහයන් ගනු ලබන ක්‍රියාමාර්ග අතිශය
සාර්ථක කර ගැනීමේ ඉඩකඩ පවතිනවාග ඒ වගේම තමයි යුග ජීවිත
ආශ්‍රිතව දියුණුව උන්නතිය අභිවෘද්ධිය ඇති කරන අතර පහසුකම්
සපිරි ගේ දොර ඉඩකඩම් යාන වාහන පිළිබඳ බලාපොරොත්තු
තිබුණ නම් අන්න ඒ බලාපොරොත්තු ඔබ හිතනවාටත් වඩා එහාට
ගොස් සාර්ථක කර ගන්න වාසනාව පවතින වසරක් හැටියට 2023 හඳුන්වන්න
පුළුවන්. පිරිවර සම්පත්තීන් ළඟා කර ගන්නත් යහපත්
වෙනවාග පවුලට අලුතෙන් සාමාජිකයින් එකතු කර ගන්නත් 2023
වසර ඔබට යහපත් බව සිහි තබා ගැනීම වැදගත්ග කොහොම
වුණත් ඔක්තෝම්බර් මාසේ තිස් වෙනිදායින් පසු කාලය පිළිබඳ නම්
ටිකක් සැලකිලිමත් විය යුතුයි. මොකද තමන්ට යම් යම් අහිතකරතා
මතු වීමේ ඉඩකඩ පවතින නිසාග ආර්ථිකය අතින් ගත් කළ භූමි සම්පත්
ළඟා කර ගන්න ඉතාමත් සුබයි. මැණික් ආශ්රිත කර්මාන්ත තුළ
යෙදෙන උදවියට පසුගිය වසරවලට වඩා අමතක නොවන වසරක්
බවට 2023 වසර පත් කර ගන්න පුළුවන්ග ඒ වගේම තමයි ආහාර
ආශ්රිත ව්‍යාපාර ආදී කටයුතු කරනවා නම් ජංගම ව්‍යාපාර ආදී
කටයුතු කරනවා නම් අන්න ඒ අයට මේ වසර තමන් බලාපොරොත්තු
වුණු ඉලක්ක කරා යාමේ ශක්තිය ධෛර්යය පවතිනවා. සෞඛ්‍යය
අතින් ගත්කල ස්නායු ආශ්රිත රෝග පීඩා තමයි ඔබට ගෙන
දෙන්නේග අත්පා ආශ්රිත සුළු හිරිවැටීමක දී පවා නොසලකා ඉන්නේ
නැතුව ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වීම වඩාත් වැදගත්
වෙනවා. වැඩිහිටි ආදීන්ට විශේෂයෙන්ම අස්ථි රෝග පීඩා මතු කිරීමේ
ඉඩකඩ පවතිනවා.
ඒ පිළිබඳ ටිකක් සැලකිලිමත් වීම වැදගත්. ඉතින් මෙන්න මේ
තිබෙන්නා වූ අහිතකරතා මගහරවා ගෙන 2023 වසරේ තිබෙන්නා
වූ අභියෝග ජය ගෙන සාර්ථකත්වය අති සාර්ථකත්වය බවට පත්
කර ගන්න සිංහ ලග්න හිමියන්ට පුළුවන් නම්ල සූරිය පිරිතලජය
පිරිත සෑම දිනකම උදෑසන ශ්‍රවණය කරන්න හෝ වරක් හෝ
සජ්ඣායනා කරන්න ඒක වඩාත් වැදගත් වෙනවාග ඒ වගේම තමයි
මාසේ පළමුවෙනි ඉරිදාට ඔබට ළඟම ඇති විහාරස්ථානයකට හෝ
දේවස්ථානයකට ගිහිල්ලා රතු නෙළුම් මල් නවයක් පූජා කරන්න
පුළුවන් නම් හිරු මෙන් ඔබට ආලෝකය ලබා දෙන බව ඒකාන්තයෙන්
කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ අපේක්ෂා මුදුන්පත් කර
ගන්න විෂ්ණු දෙවියන් උදෙසා බාරහාර වීමත් වඩාත් වැදගත්
වෙනවාග මෙන්න මෙවැනි කර්තව්‍යයන් කරද්දි රාහුගේ කේතුගේ
සෙනසුරුගේ මහ දශා අතුරු දශා ගතකරන උදවිය තමන්ගේ අර
පරිස්සම පිළිබඳ දෙපාරකට වඩා සිතා බැලුවහොත් 2023 වසර සදා
අමතක නොවන වසරක් බවට සිංහ ලග්න හිමියන්ට පත් කර ගන්න
පුළුවන්.
මීන :
අවසාන රාශිය වූ මීන ලග්නයෙන් උපන් ඔබත් බලාගෙන ඇති 2023
නව වසර ඔබට කොහොමද කියලා. ඔන්න මේ වසර නම් ආරම්භ
වෙන්නේ ඔබේ ලග්නයේ ලග්නාධිපති බ්‍රහස්පති ලග්නගතව
බලවත් වෙලා ගුරු හංස කියන පංච මහා පුරුෂ යෝගයක් උදා
කරමින් ගමන් කරමින්. ඒ නිසා ඔන්න මීන ලග්න හිමියන්ට එක
දෙයක් කියන්න කැමතියි මේ වසර ආරම්භයේදී ල රෝස මලට
වසන්තය හුරු වුණාට පතොක් මලට වසන්තය වගේම ඉඩෝරයත්
හුරු බව අමතක කරන්න එපා. ඒ නිසා මීන ලග්න හිමියන් මේ වසර
තුළ වසන්තයට වගේම ඉඩෝරයටත් සූදානම්ව කටයුතු කළොත්
මම හිතනවා ඔබට වසර අවසානයේ සතුටු සිතින් යුක්තව
අභිමාර්ත සාර්ථක කර ගැනීමට පුළුවන් කියලා. කොහොම වුණත්
2023 වසර කියන්නේ මීන ලග්න හිමියන්ට ඉතාමත් වැදගත්
වසරක්..මොකද 2023 ජනවාරි මාසේ 17 වෙනිදා සිට වසර හත
හමාරක සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨකය ඔබට ලබන්න
නියමිතයි. මෙතුවක් කල් ලග්නගතව ගමන් කරමින් සිටි බ්‍රහස්පති
අප්‍රේල් මාසෙ 22 දා ඔබේ ලග්නයේ දෙවැන්න වූ ධනස්ථානයට
ප්‍රවේශ වීමට නියමිතයි. ඒ වගේම තමයි වසර අවසාන වෙන්න මාස
දෙකක් ප්‍රථම ඒ කියනේ ඔක්තෝබර් මාසෙ 30 වෙනිදා රාහු ඔබේ
ලග්නෙටත් කේතු ඔබේ 7 වැන්නටත් ප්‍රවේශ වීමටත් නියමිතයි.
කොහොම වුණත් ආර්ථිකය අතින් ගත් කල 2023 වසර ඔබගේ
දැණුම හැකියාව දක්ෂතා තුළින් ජයග්‍රාහී ලීලාවෙන් නිම කිරීමේ
හැකියාව පවතිනවාල බොහෝ විට රැකී රක්ෂා ආශ්‍රිතව ඔබට
කාර්ය බහුලත්වය බහුල කරන ආකාරය පැවතියත් වසර මැදදී ඒ
කාර්ය බහුලත්වයේ ප්‍රතිඵල ඔබට පහසුවෙන් නෙලා ගැනීමේ
හැකියාව පවතින බවත් අමතක කරන්න එපා. වෙළඳාම් අතින්
ගත්කල හවුලේ සිටින උදවියගෙන් යම් යම් අකටයුතුකම් වගේම
විරුද්ධවාදිකම් එල්ල වෙන්න පුළුවන්ග අභියෝගවලට තනියම
මුහුණ දීමේ ශක්තියෙන් යුතුව කටයුතු දියත් කිරීමෙන් ඔබේ ශක්තිය
තුළින් ඔබේ හැකියා තුළින් ඔබට ජයග්‍රාහී ලීලාවෙන් වර්ෂය
නිම කිරීමේ ඉඩකඩ පවතිනවා. හවුලේ කරන කටයුතුවලදී
කල්පනාකාරී වීම ඉතාම වැදගත්ග සෑම දෙයක් ම නීත්‍යානුකූලව
සිදු කළොත් ඔබට මේ වසරේ ආර්ථික වශයෙන් සිද්ධ වෙන්න
පුළුවන් පීඩා කරදර පහසුවෙන් අඩු කර ගැනීමේ ඉඩකඩ
තියෙනවා. යුග ජීවිතය අතින් ගත් කල සාමකාමී අයුරින් ගෙවා
දැමීමේ හැකියාව ශක්තිය පවතිනවාගඒ වගේම තමයි තෙවන
පාර්ශවයේ යම් යම් යුතුකම් වගකීම් වෙනුවෙන් ඔබගේ යුග ජිවිතේ
දියුණුව උන්නතියටත් බාධා කරදර ඇති කරන්න පුළුවන්. ඒ නිසා
වසර ආරම්භයේ සිටම සෑම දෙයක්ම සමබර ලෙස සැලසුම් සහගතව
දියත් කර ගත්තොත් 2023 වසර ඔබට සාර්ථක ජීවිතයක් ගත
කරන්න පුළුවන්කම ලැබෙයි කියන එකග විවාහ ආදී කටයුතු ප්‍රමාද
වුණු උදවියට ප්‍රබල මංගල යෝග උදා කරනවා විතරක්
නෙවෙයි මංගල සීනු හඬවා ගන්නත් 2023 වසරේ ඔබට ශක්තිය
ලැබෙන බවත් අමතක කරන්න එපා. අධ්‍යාපනය අතින් ගත්කල
ප්‍රාථමික වගේම උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙන උදවියට
බොහෝ විට අධ්‍යාපන කටයුතුවලට වඩා පවුල ආශ්‍රිතව ඒ වගේම
සමාජය ආශ්‍රිතව ගැටලු නිසා ඒ කටයුතුවලට බාධා එල්ල කරන්න
පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය තත්ත්වය ඔබගේ අධ්‍යාපන
කටයුතුවලට බාධා ගෙන දෙන්න පුළුවන්ගදුරස්ථ අධ්‍යාපන කටයුතු
වගේම කාර්මික කටයුතුවල නිරත වෙන අයට සුවිශේෂ වරප්‍රසාද
හිමි කර ගන්නත් ඉඩකඩ තියෙනවාග ලේඛන කලාවට දක්ෂ කෙනෙක්
නම් ඔන්න පොතක් පතක් නිර්මාණය කරන්න 2023 වසරේ අමතක
කරන්න එපා. සෙනසුරුගේ අපල එක්ක වෛද්‍යවරුන්ට පවා
රෝග විනිශ්චය අමාරු කරවන්න පුළුවන් අභ්‍යන්තරික හෝමෝන
ආදිය යම් යම් ව්‍යාකූලතා වගේම වම් පාද ආශ්රිත ආබාධතා
ගෙනදෙන නිසා ඒ ගැන වඩා සැලකිල්ලක් දැක්වීම වැදගත්
වෙනවා. කොහොම වුණත් බුධගේ සිකුරුගේ මහ දශා අතුරු දශා
ගත කරන මීන ලග්න හිමියන් සැලකිල්ලෙන් යුතුව කටයුතු කිරීම
වඩාත් වැදගත්.. මේ වසරේ තිබෙන්නා වූ අභියෝග ඔබට ජය
ගන්න නම් සෑම දිනකම කටයුතු ආරම්භ කරන්න ප්‍රථම නීලාජන
සමාභාශං රවිපුත්රං යමාග්‍රජම් යාජායා මාර තන්ඩ සබබූතං
තංනමාමී ශයිනේශරං කියන පාඨය වරක් හෝ සජ්ඣායනා කරන්න
පුළුවන් නම් ඒක වඩාත් වැදගත් ඒ වගේම තමයි මාසේ පළමු
බ්‍රහස්පතින්දා දවස්වල මෙහෙනින් වහන්සේ නමකට හිස තබන
කොට්ටයක් පුජා කරන්න පුළුවන්කම ලැබුණොත් මානසික
ස්ථාවරත්වය තබා ගෙන වසරේ අභියෝගවලට මුහුණ දීමේ
හැකියාව ශක්තිය මීන ලග්න හිමියන්ට නොඅඩුව පවතිනවා.
මකර ලග්නය :
දහ වන රාශිය වූ මකර ලග්නයේ උපන් ඔබත් බලාගන ඇති 2023 ඔබට කොහොමද කියලා නේද? ඉතින් සෙනසුරු
ලග්නාධිපති හැටියට ලග්නගතව බලවත් වෙලා සස කියන පංච මහා පුරුෂ යෝගයක් උදා කරමින් තමයි 2023
වසර මකර ලග්න හිමියන්ට ආරම්භ වෙන්නේ. ඉතිං මකර ලග්න හිමියන්ට වසර ආරම්භයේදීම මෙන්න මේ දේ කියන්න
කැමතියි. ඔබට පියාඹන්න නොහැකි නම් ඔබ දුවන්නග ඔබට දුවන්නට නොහැකි නම්ල ඔබ ඇවිදින්නග ඔබට ඇවිදින්නට
නොහැකි නම් ඔබ බඩගාන්න.. ඔබ මින් කොයි දේ කරත් ඉදිරියට ගමනක් යා යුතු බව සිහි ගතබාගෙන තමයි. 2023
වසරට ඔබ පියනැංවිය යුත්තේ. කොහොම වුණත් මකර ලග්නයේ උපන් ඔබට 2017 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා
ආරම්භ වුණු සෙනසුරුගේ ඒරාශ්ඨක තත්ත්වය අති ප්රබලතම කාලය 2020 ජනවාරි මාසේ 24 වෙනිදා ඉඳලා 2023
ජනවාරි මාසේ 17 වෙනිදා වෙනකන් ඔබ ගත කරනවා අන්න එම වසර හය හමාරක සෙනසුරුගේ ඒරාශ්ඨක
තත්ත්වය අති ප්රබලතම කාලය තමයි ඒ වසර තුනකට ආසන්න කාලයක් ඔබ ගත කළේ. එය නිම කරමින් සෙනසුරු
ඔබේ ලග්නයෙන් දෙවැන්නට ප්‍රවේශ වීම ජනවාරි මාසේ 17 වෙනිදා සවස 6.03ට සනිටුහන් වෙනවාග ඒ වගේම
තමයි බ්‍රහස්පති මෙතුවක් කල් පස්වැන්නේ ගමන් කරමින් සිට ලග්නයෙන් හතරවැන්නට ප්‍රවේශ වීම අප්‍රේල්
මාසේ 22 දා සිද්ධ වෙනවා. ඒ වගේම රාහු තුන්වැන්නටත් කේතු නව වැන්නටත් ප්‍රවේශ වීම ඔක්තෝබර් මාසේ 30
වෙනිදා සිදු වීමට නියමිතයි. කොහොම වුණත් මකර ලග්න හිමියන්ට ඒරාශ්ඨක අපලකාරී තත්ත්වයන්වල අඩු වීම
ඔන්න ඔබගේ ආර්ථික ස්ථාවරත්වයන් ඉහළ නංවා ගන්න ඉඩකඩ පවතිනවා.කරනු ලබන රැකී රක්ෂා වගේම
වෙළහෙලඳාම ආශ්‍රිතව තිබුණා වූ මානසික වශයෙන් බලපවත්වපු පීඩා කරදරවලින් නිදහස් වෙන්න මකර ලග්න
හිමියන්ට වැඩි ඉඩකඩක් පවතින වසරක් හැටියට 2023 වසර හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ආර්ථික වශයෙන්
ප්‍රසිද්ධිය කීර්තිය උදෙසා කරනු ලබන කටයුතු රාජ්‍ය අංශය සමග මැදිහත් වෙලා කරනු ලබන කටයුතුවලින්
ඉහළ ජයග්‍රහණයක් අත්පත් කර ගන්න ඔබට වැඩි ඉඩකඩක් පවතින වසරක් හැටියට 2023 වසර හඳුන්වන්න
පුළුවන්. ගෘහ ජීවිතය අතින් ගත්කල ඔබට සාමකාමී අයුරින් කටයුතු කිරීමේ ඉඩකඩ පවතිනවා. නමුත් ඇතැම්
අවස්ථාවලදී ආවේගශීලි ගති ලක්ෂණ ඔබගේ යුග ජීවිතයේ සතුට සැනසුම සහජීවනයට යම් යම් බාධා කරදර ඇති
කිරීමේ ඉඩකඩ පවතිනවාග කෙසේ වූවත් කාන්තා පාර්ශවයන් මැදිහත් වීම් තුළ ඔබගේ කටයුතුවලට බාධා වගේම
ඔබගේ චරිතයට කීර්තියට හානි ගෙන දෙන්නත් පුළුවන්. ඒ පිළිබඳ සිහි තබා ගෙන කටයුතු දියත් කරන්නටත්. මකර
ලග්න හිමියන් අමතක කරන්න එපා. අධ්‍යාපනය අතින් ගත් කල ධාරණ ශක්තීන්වලට වඩාත් ප්‍රබල වෙනවා.
මොකද ඔබගේ කටයුතුවල සාර්ථකත්වය ගෙන දෙන්න පුළුවන් වෘත්තීමය අධ්‍යාපන කටයුතුවලින් ඉහළ
ජයග්‍රහණ අත්පත් කර ගන්න වගේම තරග විභාග ආදීයෙන් රැකී රක්ෂා ආදීයෙන් ඉහළ තනතුරු තානාන්තර
ලබන්නත් මකර ලග්න හිමියන්ට වැඩි ඉඩකඩක් පවතින වසරක් හැටියට 2023 වසර හඳුන්වන්න පුළුවන්ග සෞඛ්‍ය
අතින් ගත් කල ස්නායු ආශ්රිත රෝග පීඩා මතු කරනවා. බොහෝ විට පිටකොන්ද ආශ්රිත රෝග පීඩා මතුකරන
නිසාවෙන් තෙත සහිත ස්ථානවල ගමන්ල බිමන්වලදී ඉතා පරිස්සම් වීම තමයි වැදගත් වෙන්නේ. කොහොම වුණත්
අඟහරුගේ මහ දශා අතුරු දශා ගත කරන අය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරලා කටයුතු දියත් කිරීම වැදගත්
වෙනවා. මකර ලග්නයේ උපන් ඔබට මේ වසරේ තිබෙන්නා වූ පුංචි පුංචි අභියෝග රාජ යෝග බවට පත් කර ගන්න
නම් ඔබට හැකියාවක් තිබේ නම් සෙනසුරාදා දිනවල උදෑසන 6.40 - 6.50 අතර ලිප ගිනි මොලවලා රතු කැකුළු
බතක් එක්ක එළවළු ව්‍යංජනත් එක්ක බත් පාර්සල් තුනක් හදලා යාචකාදීන්ට දෙන්න පුළුවන් නම් ඒක වඩාත්
වැදගත් පුණ්‍ය කර්මයක් වේවි. ඒ වගේම තමයි මෝර පිරිත ජය පිරිත සෑම දිනකම උදෑසන වරක් හෝ
සජ්ඣායනා කරන්න පුළුවන් නම් මෝර පිරිත ජය පිරිත වරක් හෝ ශ්‍රවණය කරන්න පුළුවන් නම් සදා අමතක
නොවන වසරක් බවට 2023 වසර ඔබට පත් කර ගන්න පුළුවන්..
තුලා ලග්නය :
7වෙනි රාශිය වූ තුලා ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ 2023 ඔබට කොහොමද කියලා නේද.. ඉතින් ඔන්න
මේ වසර නම් ආරම්භ වන්නේ ඔබේ ලග්නාධිපති යෝග කාරක සෙනසුරුත් එක්ක සම්බන්ධ වෙලා ලග්නේ 4 වැන්නේ
වූ ගෘහස්ථාන ගතව ගමන් කරන්නේ ගමේ වසරේ සිද්ධවන්නා වූ ග්‍රහ මාරු වීම් දිහා දකිද්දී යෝග කාරක
සෙනසුරු මෙතුවක් කල් ලග්නෙන් 4 වැන්නේ බලවත්ව සිටියත් ලග්නෙන් 5 වැන්නට ප්‍රවේශ වීම ජනවාරි මාසේ 17
වැනිදා සිදු වීමට නියමිතයි. ඒ වගේම තමයි මෙතුවක් කල් ලග්නෙන් 6 වැන්න වූ රෝගස්ථාන සතුරු ස්ථානව ගමන්
කරමින් සිටි බ්‍රහස්පති ඔබේ විවාහස්ථානය වූ 7 වැන්නට ප්‍රවේශ වීමත් අප්‍රේල් මාසේ 22 වෙනිදා සිදු වීමට
නියමිතයි. වගේම තමයි මෙතුවක් කල් ලග්නගතව ඔබට බාධා ඇති කරමින් සිටි කේතු ලග්නෙන් 12 වැන්නට
ප්‍රවේශ වීමත් ලග්නෙන් 7 වැන්න වූ විවාහස්ථාන ගතව ගමන් කරමින් සිටි රාහු ලග්නෙන් 6 වැන්නට ප්‍රවේශ
වීමත් ඔක්තෝබර් මාසේ 30 වෙනිදා සිදු වීමට නියමිතයි. ඉතිං තුලා ලග්න හිමියන්ට එක දෙයක් මේ වසරේ
ආරම්භයේදීම කියන්න කැමතියි. ඔබ ඔබම වීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද ඔබටම අනන්‍යතාවයක් හදා
ගත්තොත් මේ වසර ඔබට පහසුවෙන්ම ජය ගන්න පුළුවන්... ඔබ අහලා ඇතිනේ ජීවත් වීම කියන්නේ ලෝකේ තියන
අපහසුම විභාගයයි.. අන්න ඒ විභාගයේදී එක් එක් පුද්ගලයන්ට ලැබිලා තියෙන්නේ වෙනස්ම වූ ප්‍රශ්න පත්තර
ගබොහෝ මිනිසුන් අසමත් වෙන්නේ එකිනෙකා කොපි කරන්න යාම තුළ..ඒ නිසා ඔබටම ආවේනික වූ අනන්‍යතාවයක්
හදා ගෙන 2023 වසරට පියමන් කළොත් ඔබට අති සාර්ථක වසරක අසිරිය භුක්ති විඳීමේ ඉඩකඩ මේ වසර තුළ
පවතිනවා ගෘහ ජීවිතය අතින් ගත් කල තරමක අස්ථාන චෝදනා... නොකළ වැරදිවලට දඬුවම් විඳීම් වැනි
තත්ත්වයක් ගෙන දෙන්න පුළුවන් ...හැබැයි ඔබ උපේක්ෂාශිලීව ඒ සෑම දෙයක්ම දිහා බැලුවොත් ඔබට නිවැරදි වීමට
දොරටුවකුත් ඒ තුළම විවෘත වෙලා තියෙන්න පුළුවන් ...ඒ වගේම තමයි අන් අය සමග තිබෙන සහසම්බන්ධතා ගොඩ
නැගෙන්න පුළුවන් .. තමන්ටම ආවේණික වුණු ලෝකෙක තමන්ටම ආවේණික වුණු පරිසරයක තමන්ටම ආවේණික
වුණු ලෝකයක් ගොඩ නගා ගන්න ඔබට ශක්තිය ධෛර්යය 2023 වසරේ ලැබෙනවා.. අප්‍රේල් මාසේ 22 වෙනිදායින්
පස්සේ කාලය ඔබගේ කටයුතුවල ගොඩාක් සාර්ථකත්වය අත්පත් කර ගන්න පුළුවන්.. බ්‍රහස්පති 7 වැන්නට
ප්‍රවේශ වීම තුළ ආර්ථික වශයෙන් ගත් කල වියපැහැදම් ටිකක් අධික කරනවා... බොහෝ විට බාහිර අලංකාරයට
ප්‍රසිද්ධියට කීරිතියට වියපැහැදම් බහුල කරන වසරක් හැටියට 2023 වසර හඳුන් වන්න පුළුවන් ගසොර සතුරු
කරදර බධා ටිකක් වැඩි නිසා වටිනා කියන බඩුබාහිරාදිය පරිශීලනය කරද්දී නම් 2023 වසරේ දී ටිකක්
කල්පනාකාරී වීමත් වැදගත් වෙනවා.. රැකියා ආශ්රිත වෙනස් වීම් සිදු වුණත් එය සුබවාදී වෙනස්කම් බව සිහි
තබාගෙන තමයි තුලා ලග්න හිමියන් 2023 වසරට පියනැංවිය යුත්තේ.. අධ්‍යාපනයටත් ඉතාමත් සුබයි... බොහෝ
විට වෙනදට වඩා කැප වීම උනන්දුව උත්සාහය තුළ ඔබගේ ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ ඉඩකඩ පවතිනවාග
නිර්මාණකරණයට ඉතාමත් යහපත් වන අතර මාධ්‍ය ක්ෂේත්රයට සහසම්බන්ධ වුණු තුලා ලග්න හිමියන්ගේ
බලාපොරොත්තු සඵල කර ගන්න වැඩිදුර අධ්‍යාපන කටයුතුවල නිරත වෙන්න විදේශගත අධ්‍යාපනයන්..
ශිෂ්‍යත්වයන් ළඟා කර ගන්නත් 2023 වසරේ ඉවහල් වන බව අමතක කරන්න එපා...සෞඛ්‍යය අතින් ගත් කල හිස
ආශ්රිත රෝග පීඩා තමයි ඔබට ගෙන දෙන්නේගවිශේෂයෙන් උෂ්ණ අධික රෝග පීඩා මතු කරන්න පුළුවන්.. ආහාර
පාන ආදියේ ඉඳලා තමන්ගේ ඇවතුම් පැවතුම් කෙරෙහිත් වැඩි උනන්දුව උත්සාහය කැප වීම දැක්වීම වැදගත්
වෙනවා... ඒ වගේම තමයි සුරතල් සතුන්ගෙන් පවා කරදර විපත් ගෙන දෙන නිසා ඒ පිළිබඳ සිහි තබා ගැනීම වඩාත්
වැදගත්...ඉතිං තුලා ලග්න හිමියන්ට මෙන්න මේ වසර ජය ගන්න සිකුරාදා දවස්වල දකුණු අතේ වියතේ උසට
ගැළපෙන්න පෙරහන්කඩ ගොටු 9ක් මහලා පන්සල්වල ජල කාරාමවල ගැටගහන්න පුළුවන් නම් විශ්වයේ තියෙන
අහිතකර දේවල් මගහැරිලා හොඳ දේවල්ම තමන්ට ලැබෙන්න කියලා අහිංසක ප්‍රාර්ථනාවකුත් එක්ක 2023 වසර
පහසුවෙන්ම ජයගන්න පුළුවන්...ඒ වගේම තමයි ඔබ බෞද්ධයෙක් නම් සීල ව්‍යාපාර ආදී කටයුතුවල හීල් දානයට ඔබේ වයසට ගැළපෙන්න කිරිබත් කෑලි කපලා දන් දෙන්න පුළුවන් නම් ඔබේ බලාපොරොත්තු සාර්ථක කර ගෙන
කිරි පැණියෙන් ඉතිරෙන වසරක් කර ගන්න පුළුවන් රාහුගේ වගේම සඳු මහ දාශා අතුරු දාශා ගතකරන උදවිය
ටිකක් කල්පනාකාරී වෙන්නගමෙන්න මෙවැනි ලෙසින් තමන්ටම ආවේනික වුණු අනන්‍යතාවයක් හදා ගත්තොත් 2023
ඔබේ ජීවිතයේ සදා අමතක නොවන වසරක් බවට පත් කර ගන්න පුළුවන්...
වෘෂභ ලග්නය :
දෙවන රාශිය වූ වෘෂභ ලග්නයේ උපන් ඔබත් බලාගෙන
ඇත්තේ 2023 ඔබට කොහොමද කියලා නේද? මේ වසර
නම් ආරම්භ වන්නේ ඔබේ ලග්නාධිපති සිකුරු යෝග කාරක
සෙනසුරුත් එක්ක පෙර පින් ගැන කතා කරන පුණ්‍ය
ස්ථානය වන නවවැන්නේ ගමන් කරමින් පවතිද්දී- ඉතින්
මේ වසරේ සිදුවන ග්‍රහ මාරු වීම් කිහිපය සිදුවන්නේ
සෙනසුරු ඔබේ දහවැන්නට ප්‍රවේශ වෙනවා ජනවාරි
මාසයේ දාහත් වැනිදා සවස 06-03 ට - සස කියලා පංච
මහා පුරුෂ යෝගයක් උදා කරමින් ඒ වගේම තමයි
බ්‍රහස්පති අප්‍රේල් මාසයේ 22 දා උදෑසන
5-15ට ඔබේ ලග්නයේ දොළොස්වැන්නට පිවිසෙනවා.
තමගේ අවස්ථාව නිසි පරිදි ලැබෙන කල් බලා සිටීම
අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා- මොකද ඔබට එක
දෙයක්. මේ වසරේ පලාපල කියන්න කලින් කියන්න
කැමතියි- ගං වතුරේදි මාළුන් කූඹින්ව ආහාරයට
ගන්නවා- ගං වතුර සිඳුණු කල කූඹීන් මාළුන්ව ආහාරයට
ගන්නවා- සැමටම අවස්ථාවක් එනවා- ඒ අවස්ථාව එනකල්
ඉවසන් සිටීම තමයි වැදගත් වෙන්නේ- ඉතින් වෘෂභ ලග්න
හිමියන්ට මේ වසර ඉවසීම කියන ගුණාංගය ප්‍රගුණ කර
ගැනම වඩාත් වැදගත් වෙයි- ඔබ අහලා ඇති ඉවසලා
ඉවසලා බැරිම තැන එතැනයි ඉවසිය යුතුම තැන කියලා-
ඒ නිසා. බොහෝ විට දුර දිග නොබලා කරනු ලබන
කටයුතු ටිකක් බහුල කරන්න පුළුවන්- අන් අය
පමණට වඩා විශ්වාස කරලා කරනු ලබන ගනුදෙනු ඔබට එතරම්
හිතකර නොවෙන්න පුළුවන්- ඒ වගෙම තමයි අධික
පරිත්‍යාගශීලී බව නිසා ආර්ථික ශක්තීන් හීන වීමේ
ඉඩකඩ තිබෙනවා- ඒ ගැන ටිකක් දෙපාරකට වඩා සිතා බලලා
කටයුතු කිරීම වැදගත්- ගෘහ ජීව්තය අතින් ගත් කල
දෙවැන්නාධිපති බුධ 08 වැන්නේ ගමන් කරන නිසා.
සහකරුගේ. සහකාරියගේ සෞඛ්‍ය තත්ත්වයන්
සැලකිලිමත් වන්න-
උසස් අධ්‍යාපනික කටයුතු අතිශය සාර්ථක කර ගන්න
බලය වාසනාව ශක්තිය පවතිනවා- ක්‍රීඩා කටයුතුවල
නිරිත වෙන වෘෂභ ලග්න හිමියනට අනිවාර්යයෙන්ම
ජයග්‍රහණ අත් කර ගන්න පුළුවන්
වසරක් විදිහට 2023 වසර හඳුන්වන්න පුළුවන්- සෞඛ්‍යය
අතින් ගත් කල ශරීර අභ්‍යන්තරයේ රසායනකි සංයුතිවල
යම් යම් වෙනස්වීම් සිදධ වෙනවා- විශේෂයෙන්ම හෝමෝන
ආශ්රිත ව්‍යාකූලතා ගෙන දෙනවා- සුළු අසනීප
තත්ත්වයකදි පවා ඉක්මන් ප්‍රතිකාර ගැනීම වැදගත්-
කොතරම් අභියෝගතා තිබුණත් වෘෂභ ලග්න හිමියනට
පුළුවන්කමක් තිබෙනවා නම්
සිකුරාදා දවස්වල උදෑසන 6-7 අතර පක්ෂීන්ට
ධාන්‍ය ආදිය දන් දෙන්න.. එය වඩාත් වැදගත්
පුණ්‍ය කර්මයක් වෙනවා- පුළුවන් කමක් තිබෙනවා නම්...
නිවසේ සිටින වෙලාවකට හරි සුදු යකඩ භාජනයකින් ඔබට
ජලය පානය කරන්න පුළුවන් නම් සිකුරුගේ ග්‍රහ අපල
තත්ත්වය මගහරවා ගෙන 2023 වර්ෂය අතිශය සාර්ථක
කරගන්න පුළුවන්- කොහොම වුණත් බ්‍රහස්පතිගේ මහ
දශා අතුරු දශා ගත කරන අය තමන්ගේ ජන්ම පත්‍ර
සැලකිලිමත් වුණොත් මේ වසර ඔබට සදා අමතක
නොවන වසරක් බවට පහසුවෙන්ම පත් කර ගන්න පුළුවන්.
කන්‍යා :
6 වන රාශිය වූ කන්‍යා ලග්නයේ උපන් ඔබ ගැන කතා කරන්න
තමයි දැන් මේ සූදානම් වෙන්නේ. 2023 වසර පිළිබඳග ඔබේ
ලග්නාධිපති නම් රාජ්‍ය කාරක රවිත් පිරිවරාගෙන ලග්නයෙන්
හතර වැන්න වූ ගෘහස්ථාන ගතව ගමන් කරමින් තමයි 2023 වසර
ඔබට උදා කරන්නේ. කොහොම වුණත් ඔබේ ග්‍රහ මාරු වීම් දිහා
දකිද්දී සෙනසුරු 6 වැන්නට ප්‍රවේශ වීම ජනවාරි මාසේ 17 වෙනිදා
සිදු වෙන අතර මෙතුවක් කල් හත් වැන්නේ බලවත් වෙලා ගමන්
කරපු බ්‍රහස්පති අප්‍රේල් මාසේ විසි දෙවැනි දා ඔබේ බාධක
ස්ථානයක් වූ අට වැන්නට ප්‍රවේශ වෙනවා. ඒ වගේම තමයි රාහු 7
වැන්නටත් කේතු ලග්නෙටත් ප්‍රවේශ වීම ඔක්තෝබර් මාසේ තිස්
වැනිදා සිදු වීමට නියමිතයි. ප්‍රීතිමත් මිනිස්සු කියලා කියන්නේ
හොඳම දේ ලැබෙන්නන් නොව ලැබෙන සෑම දේකම හොඳ දකින
උදවිය බව සිහි තබාගෙන තමයි 2023 වසරට ඔබ පිය නැගිය
යුත්තේ. මොකද ඔබට සුබ අසුබ ඵල මිශ්‍රව පවතින වසරක්
හැටියට 2023 හඳුන්වන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ගෘහ
ජීවිතය අතින් ගත් කල වසර ආරම්භයේ ඔබට යහපත් වෙනවා.
හැබැයි අප්‍රේල් මාසේ විසි දෙවෙනිදායින් පසු කාලය තරමක
අහිතකරතා අභියෝගතා ඔබට මතු කරන්න ඉඩකඩ වැඩියි. ඒ නිසා
පවුල් ජීවිතය වගේම පවුල වෙනුවෙන් ඔබට කරන්න තියෙන යුතුකම්
වගකීම් හැකිතාක් අප්‍රේල් මාසයේ 22 ට පෙර ඉෂ්ට සිද්ධ කර
ගැනීම හෝ සැලසුම් සහගත කර ගැනීම වඩාත් වැදගත් වෙනවා. ඒ
වගේම තමයි අප්‍රේල් 22න් පසු බ්‍රහස්පති 8 වැන්නට ගමන්
කිරීම තුළ සතුට සමගිය සහජීවනයට බාධා කරදර ඇති කරන්න
පුළුවන්. ඒ වගේම තමයි වැඩිහිටි මා දෙමාපියන්ගේ කටයුතු
වෙනුවෙන් බොහෝ විට පවුලේ අය වෙනුවෙන් කරන්න තියෙන
යුතුකම් සහ වගකීම් පැහැර හැරීම තුළත් ඔබට යම් යම් අවහිරතා
ගෙනදීමේ ඉඩකඩ තිබෙනවා.
පවුලේ අයගේ කටයුතුවලට වඩා අන් අයගේ කටයුතු සමාජ සේවා
කටයුතුවල නිරත වීමත් යම් යම් අහිතකරතා මතු කිරීමේ ඉඩකඩ
තිබෙන නිසා සමබරව තමන්ගේ කටයුතු සැලසුම් කර ගැනීම
වැදගත්. ආර්ථිකය අතින් ගත් කල මෙතුවක් කල් ඔබට දේපල ආශ්රිත
ලැබීම් තිබුණා නම් අන්න ඒ සඳහා ලැබීම්වලට බාධා කරදර ගෙන
දෙනවා. වෙළඳ ව්‍යාපාර ආශ්‍රිතව ඔබෙන්ම උදවු උපකාර ගත්
පිරිස්වලින් ඔබට එරෙහි වීම් ඇති කරන්න බාධා කරදර ගෙන දීම්
වගේම පවතින්නාවූ නීතිරීති අනුවත් ඔබට යම් යම් බාධා කරදර ඇති
ඇතිකිරීමේ ඉඩකඩ තිබෙන නිසා ඒ පිළිබඳ පූර්ව අවබෝධයකින් යුතුව
2023 වසරට පිය නැංවීම තමයි වැදගත් වෙන්නේ. අධ්‍යාපනය
අතින් ගත් කල යහපත් වෙන අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න
අවකාශ ලැබෙනවා. විවිධ භාෂා ගවේෂණය කරනු ලබන උදවියට
සුවිශේෂ වරප්‍රසාද අත්පත් කරගන්න ඔබට වැඩි ඉඩකඩක්
පවතිනවාග ඒ වගේම තමයි වෙනස් වූ පරිසරයක වෙනස් වූ සමාජ
රටාවක අධ්‍යාපන කටයුතුවල නිරත වෙන්නත් ඔබට ඉඩකඩ
භාග්‍ය වාසනාව පවතින බවත් කන්‍යා ලග්න හිමියන් අමතක
කරන්න එපා. සෞඛ්‍ය අතින් ගත්කල අත්පා ආශ්රිත හිරිවැටීම්
වගේම බෝවන රෝග පීඩා ආදියෙන් විටින් විට ආබාධතා ගෙන
දෙනවාග කොහොම වුණත් කේතු ලග්නයට ප්‍රවේශ වීම
ඔක්තෝබර් මාසේ තිස් වෙනිදායින් පසුව සිදුවන නිසා නිදන්ගත
රෝග පීඩා ආදියෙනුත් පීඩා විඳීම් කන්‍යා ලග්න හිමියන්ට ඇති
කරන්න පුළුවන්. ඒ ගැනත් සැලකිලිමත් වීම වැදගත් වෙනවා. මේ
තිබෙන්නා වූ අහිතකරතා මගහරවා ගන්න ඔබට හැකියාවක් තිබේ
නම් බදාදා දවස්වල සිවුපා සතුන්ට ආහාර පාන දන් දීම වඩාත්
වැදගත් වන අතර හතර පෝය පවතින දිනක රාත්‍රියේ අයාලේ
යන සතුන්ට ආහාර පාන දෙන්න පුළුවන් නම් ඒක වඩාත් වැදගත්
පුණ්‍ය කර්මයක් වේවි. ඒ වගේම තමයි අමතක නොකර අමාවක
පෝය දවසක ඔබට ළගම ඇති විහාරස්ථානයකට හෝ
දේවස්ථානයකට ගොස් ඔබගේ වයස ගානට පහන් මාලාවක්
දල්වලා මේ විශ්වයේම අන්ධකාරය පවතින මෙවන් රාත්‍රියක මේ
සිද්ධස්ථානයට ආලෝකය ලබා දෙන කුසලයෙන් තමන්ගේ ජීවිතයේ
තියන කළුවර ඉවත් කරලා දෙන ලෙස අහිංසක ආයාචනයක් කරල
බලන්න. 2023 වසරම ඔබට ජයග්‍රහණය ඒකාන්තයෙන්ම ළඟා
කර ගන්න පුළුවන්. කොහොම වුණත් අඟහරුගේ රාහුගේ මහ දශා
අතුරු දශා ගත කරන උදවිය වැඩියෙන් කල්පනාකාරීව ගත කළොත්
2023 වසරේ තියෙන අභියෝග ඔබට පහසුවෙන්ම ජය ගන්න
පුළුවන්.
කුම්භ :
කුම්භ ලග්න හිමි ඔබත් බලාගෙන ඇත්තේ ඔබේ ලග්නයට මේ 2023 කොහොමද කියලගඔන්න මේ වසර නම්
ආරම්භ වෙන්නේ සෙනසුරු ලග්නයේ 12 වැන්නේ වූල වැය ස්ථාන ගතව බලවත්ව ගමන් කරමින්. ඒ නිසා මේ
වසර ආරම්භයට ප්‍රථමයෙන් ඔබට එක දෙයක් කියන්න ඕනේ බොහෝ විට ඔබ අවට සිටින පිරිස් ඔබේ අනාගත
කටයුතුවලට බාධා කරන්න පුළුවන්. ඉතින් මේ නිසා මේ දේවල් සිහි තබාගෙන අලුත් වසරට පිය නැගීම
වැදගත් වෙනවා. අපහාස කරන අයගෙන් ඉගෙන ගන්න ඔබ නොවැටී ඉන්න. ඒ වගේම රිදවන අයගෙන් ඔබ
ඉගෙන ගන්න. නිහඬව ඉන්න. බාධකවලින් ඉගෙන ගන්න. ඔබ ඉදිරියටම යන්න. මේ එන්නා වූ
බාධකවලින් 2023 නව වසර ඔබ ඉදිරියටම යන්න ගත්තොත් ඔබේ වසර අවසානය ඉතාම සාර්ථක
වෙයි.
කොහොම වුණත් 2020 ජනවාරි මාසේ 24 වෙනිදා ආරම්භ වූ සෙනසුරුගේ ඒරාෂ්ඨක තත්ත්වය ඇති
ප්රබලතම කාලය 2023 ජනවාරි මාසේ 17 වෙනිදා සිට 2025 මාර්තු වෙනකල් පවතින බව අමතක කරන්න
එපා. ඒ වගේම තමයි බ්‍රහස්පතිගේ ග්‍රහ මාරුවත් සිද්ධ වෙනවා ඔබේ ලග්නයේ 3 වැන්නේ වූ
වික්‍රමස්ථානයට. රාහුගේ කේතු මාරුව සිද්ධ වෙනවා රාහු ලග්නයෙන් දෙවැන්නටත් කේතු ලග්නයෙන් 8
වැන්න වූ බාධක ස්ථානයටත්. ඒ නිසා වසර අවසානයේ විශේෂයෙන් ඔක්තෝම්බර් 30න් පසු කාලයෙන් වඩාත්
කල්පනාකාරීව කටයුතු දියත් කරොත් ඔබට තිබෙන අභියෝග පහසුවෙන් ජය ගැනීමේ හැකියාව තියෙනවා.
ආර්ථික තත්වය ගත් කල විශේෂයෙන් ඔබ ආයෝජන කටයුතු හවුල් ව්‍යාපාර ආදී කටයුතු වගේම අන් අය පමණට
වඩා විශ්වාස කරල කරන ගනුදෙනුවලින් හැකිතාක් පරිස්සම් වෙන්න. මුලාවේ වැටීම්වලට ලක් වීමේ ඉඩකඩ
තියෙනවා. ඒ නිසා මුල්‍ය කටයුතු ඉතාම කල්පනාකාරීව කිරීම වැදගත්. ඒ වගේම ගේ දොර ඉඩකඩම් යාන
වාහන ආදීය මිලදී ගැනීමේදී බොහෝ රැවටීම් වගේම නීති කරදර ඇතිවෙන්න පුළුවන්. යුග ජිවිතේ අතින් ගත කල
සාමකාමිව කටයුතු දියත් කිරීම පවතිනවා. දරුවන්ගේ යම් යම් කටයුතු නිසා කලකිරීමට ලක්වෙන්න පුළුවන්. ඒ
වගේම තමයි දරුවන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී වැඩි වාර ගණනක් සිතාමතා ගන්න. යුග ජිවිත
වගේම පවුල් ජිවිත සාර්ථකව ගත කිරීමේ හැකියාව පවතිනවා. සෞඛ්‍යය අතින් ගත්කල අස්ථි ආශ්රිත රෝග
පීඩා වගේම අනපේක්ෂිත අනතුරු බහුල කරන්න පුළුවන්. වැටීම් තැලීම් කැලලි සහිත තුවාල වම් අත වම් පාද
ආශ්රිත ආබාධතා ගෙන දෙනවා. අන්න ඒ පිළිබඳ සිහි තබාගෙන වසරේ කටයුතු දියත් කිරීම තමයි වඩා වැදගත්
වෙන්නේ. කොහොම වුණත් මුත්‍රා ආශ්රිත රෝගපීඩා මතුකරන නිසා හැකිතාක් ජලය පානය කරන්නටත් කුම්භ
ලග්න හිමියන් අමතක කරන්න එපා. මේ වසරෙ තිබෙන්නාවු අභියෝග ජයගන්න ඔබට පුළුවන්කමක් තියෙනව
නම් සෙනසුරාදා දිනවල කලුතල අංජන කැට, වී පොරි , සත කුප්ප බැබ්ල, සුවඳ කොට්ටන්, දේවදාර, කලාඳුරු
අල සමන් පිච්ච මල් ගෙන තම්බා නිවා ස්නානය කිරීම වඩාත් වැදගත්.
ඒ වගේම සීල ව්‍යාපාර ආදී කටයුතුවලට කොල කැඳ දෙන්න ඒක වඩාත් වැදගත්. ඒ වගේම තමයි සෙනසුරාදා දිනවල කකුල් අතපය වාරු නැති යාචකයින්ට රතු කැකුලු බත් ආදිය දෙන්න. ඔබට තියෙන අපල ආදිය පහසුවෙන් මගහරවා ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. ඒ
වගේම ඉඩකඩ ලැබෙන සෑම අවස්ථාවකම විශ්නු දෙවි ආශිර්වාද ගැනීමත් සුබ වන අතරගසෑම දිනකම ඔබේ
කටයුතුවලට කලින් මෝර පිරිත ජය පිරිත වරක් හෝ කියලා. මෝර පිරිත ජය පිරිත වරක් හෝ ශ්‍රවණය
කර දවස ආරම්භ කර බලන්න 2023 නව වසර කුම්භ ලග්න හිමියන්ට ජයග්‍රාහී වසරක් බවට පහසුවෙන් පත්
කරගන්න පුළුවන්.
වෘශ්චික ලග්නය :
අටවන රාශිය වූ වෘශ්චික ලග්නයෙන් උපන් ඔබත් බලාගෙන ඇත්තේ 2023 ඔබට කොහොමද කියලා නේද?
මෙන්න මේ වසර නම් ආරම්භ වෙන්නේ ඔබේ ලග්නාධිපති හත්වැන්නේ සඳුත් සමග සංයෝග වෙලා ගමන් කරමින් සඳු
උච්ච බලයෙන් යුතුව තැන්පත් වුණත් චන්ද්‍ර මංගල කියන යෝගෙකින් තමයි.
2023 වසර වෘශ්චික ලග්න හිමියන්ට ති)කඑතිණ කරන්නේ. මේ වසරේ සිදු වන ග්‍රහ මාරු වීම්
දිහා දැක්කම වෘශ්චික ලග්න හිමියන්ට ඉතාමත් යහපත්. මොකද මෙතුවක් කල්
වික්‍රමස්ථානගතව වසර දෙකහමාරකට ආසන්න කාලයක් ගමන් කරමින් සිටි සෙනසුරු ජනවාරි
මාසේ 17 වනදා සවස 6-03 ට
ඔබේ හතරවැන්නට ප්‍රවේශ වෙන්නේ සස නැමැති පංච මහා පුරුෂ යෝගයක්
උදා කරමින්. ඒ වගේම තමයි විද්‍යස්ථාන පූර්ව පුණ්‍යස්ථාන පුත්රස්ථානගතව
ගමන් කරමින් සිටි යෝගකාරක බ්‍රහස්පති අප්‍රේල් මාසේ 22වෙනිදා ඔබේ
රෝගස්ථාන සතුරු ස්ථාන වූ හයවැන්නට ප්‍රවේශ වීමට නියමිතයි. ඒ වගේම තමයි
වසර අවසාන වන විට ඔක්තෝබර් මාසේ 30 වෙනිදා රාහු පස් වැන්නටත් කේතු
එකොලොස්වැන්නටත් ප්‍රවේශ වීමට නියමිතයි. මෙන්න මෙවැනි සුබ අසුබ ඵල
මිශ්‍රව පවතින වසරක් හැටියට වෘශ්චික ලග්න හිමියන්ට 2023 වසර හඳුන්වන්නට
පුළුවන්. එනිසා ඔබගේ තිබෙන්නා වූ විශේෂිත දුර්වලතාවයක් නිසා අධික අනුකම්පාව
දැඩි පරිත්‍යාගශීලීත්වය වගේම අන් අය පමණට වඩා විශ්වාස කිරීම් කියන දේවල්
උතුම් ගුණාංග වුණාට වෘශ්චික ලග්න හිමියන්ට 2023 වසරට මේ උතුම් ගුණාංග එතරම්
ගැ)කඑතපෙන්නේ නැති වේවි. අන්න ඒක තිබඳ සිහි තබාගැනීම වැදගත්. කවදාවත්ම
සෑම කෙනෙක්ම සෑම විදියකටම අධික ලෙස විශ්වාස කරන්න එපා. මොකද සීනියි ලුණුයි එක
පාට වුණට එහි රස දෙකක් බව සිහි තබාගෙන මේ වසරේ කටයුතු ආරම්භ කරොත් මම හිතනවා
ඔබට වරදින එකක් නැති වේවි කියලා. ආර්ථිකය අතින් ගත් කල තැන්පත් ධනය තරමක
වැය පාර්ශවයන් ටිකක් බහුල කරන්න පුළුවන්.
මුදල් ලැබීම් සඳහා ගිය වසරවල තිබුනා වූ මාර්ග කිහිපයක් අවහිර වන ආකාරත් 2023 වසරේ තිබෙන නිසා තමන් සන්තකයේ
තිබෙන දේවල් නිසි පරිදි කලමනාකාරීත්වයෙන් යුතුව කටයුතු කරනතාක් ඔබට ආර්ථික
වශයෙන් අඬුලුහුඬුකම් ඇතිවන එකක් නැති වෙයි. කොහොම වුණත් අවශ්‍ය දේට
වඩා අනවශ්‍ය කරුණු කාරණා කෙරෙහි ධනය වැය වීම් ගෙන දෙනවා. ඒ නිසා
බුද්ධිමත් තීන්දු තීරණ ගන්නත් වෘශ්චික ලග්න හිමියන් තරයේ සිහි තබා ගැනීම වැදගත් වෙනවා. ගෘහ ජීවිතය අතින් ගත් කල උරුම හරුමකම් වෙනුවෙන් ගැටලු සහගත
තත්ත්වයන් අත් කරනවා. බොහෝ විට නීති ආදියට වැඩිපුර කාලයක් ගත
කරන්න ඔබට සිදු වෙන්න පුළුවන්.
පවුලේ අයගේ සෞඛ්‍ය තත්ත්වයන්වල දුර්වල වීම් වගේම
මානසික කායික සතුටේ යම් යම් ඌනතා පැවතීම් එදිනෙදා කටයුතුවලදී යම් යම් බාධා
කරදර ඇතිවීමේ ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි සතුරු කරදර විපත් වගේම චරිතයට
කීර්තියට හානි ගෙන දීමක් මේ වසර දක්නට ලැබෙන නිසා ඉතාමත්ම කල්පනාකාරීව
අන් අයව ඇසුරු කිරීම අසල්වාසීන් ඥාතීන් සමග සහ සම්බන්ධතා පවත්වන්න
වෘශ්චික ලග්න හිමියන් සිහි තබා ගැනීම වැදගත් වෙනවා.
අධ්‍යාපනය අතින් ගත් කල ධාරණ ශක්තියට ඉතාමත් සුබයි. ගැඹුරු ශිල්ප
ශාස්ත්‍ර අධ්‍යයනය කරනු ලබන උදවියට සුවිශේෂ වරප්‍රසාද උරුම කරගනු ලබන අතර
ගණිත විද්‍යා අංශවලට වගේම නීති අධ්‍යයන කටයුතුවලට ඉතාමත් සුබ ග්‍රහ
පිහිටීමක් හැටියට 2023 වසර හඳුන්වන්න පුළුවන්. සෞඛ්‍යය අතින් ගත් කල
බෙල්ල කොටසේ තමයි රෝග පීඩා ඇති කරන්නේ. විශේෂයෙන් කන්
වගේම ඇස් ආශ්රිත රෝග පීඩා ගෙන දෙනවා.
2023 වසර කියන්නේ වෘශ්චික ලග්න හිමියන්ට ඇස් දෙක ඇස් දෙක වගේ පරිස්සම්
කරගත යුතු වසරක් බවත් සිහි තබාගෙන නව වසරට පියමන් කිරීම තමයි වඩාත් වැදගත්
වෙන්නේ. කොහොම වුණත් මේ තියෙන්නා වූ අභියෝග ජයගන්නට කතරගම කිරිවෙහෙර
වහන්සේට කුරුඳු දරින් පිසින ලද කිරිපිඬු පූජාවක් තියන්න පුළුවන් නම්
ඔබ කතරගම යන වෙලාවක ඒක වඩාත් වැදගත් පුණ්‍යකර්මයක් වේවි. ඒ වගේම තමයි
අඟහරුවාදා දිනවල ඔබ නිර්මාංශ ආහාර ගැනීම වගේම හදිසි අනතුරකට හෝ
ශල්‍ය කර්මයකට ලක් වුණු කෙනෙක්ට අඟහරුවාදා දවසක ආහාර දෙන්න පුළුවන් නම්
2023 තියෙන අභියෝග ඔබට පහසුවෙන් ජයගන්න පුළුවන්කම ලැබෙයි. බුධගේ
මහ දශා අතුරු දශා වගේම කේතුගේ මහ දශා අතුරු දශා ගත කරන උදවිය ටිකක්
කල්පනාකාරී වුණොත් වෘශ්චික ලග්න හිමියන්ට 2023 වසර වරදින එකක් නැති වෙයි
මේෂ ලග්නය :
මේෂ ලග්නයේ
ඔබත් බලාගෙන ඇති උදාවන්නා වූ 2023 වසර ඔබට
කොහොමද කියලා.
ඔබේ ජීවිතයට දුෂ්කරතා
පැමිණෙන්නේ ඔබව විනාශ කිරීමට නම් නොවේ. ඔබ
සැඟවුණු ශක්තිය සහ බලය අවබෝධ කර ගැනීමට
ඔබට උපකාරී වීමට බව සිහි තබාගෙන තමයි 2023 වසරේ
මේෂ ලග්න හිමියන් පිය නැගිය යුත්තේ. ආර්ථිකය
ඉතාමත් යහපත් වෙනවා විශේෂයෙන්ම
ධනස්ථානාධිපති වන සිකුරු දහ වැන්නේ බලවත්
වෙද්දි දහවැන්න අධිපති සෙනසුරු දහ වැන්නේ බලවත්
වෙලා පවතිනවා. ඒ වගේම තමයි එකී සෙනසුරු ජනවාරි
මාසේ 17 වෙනිදා එතාස්වැන්නට ප්‍රවේශ වීම
ඉතාමත් යහපත් තමන්ගේ හැකියා දක්ෂතා
මුදුන්පත් කරගෙන තමන්ගේ ආදායම් මාර්ග තීරණය
කර ගන්න 2023 වසරේ මේෂ ලග්න හිමියන්ට ඉඩකඩ
නිර්මාණය වෙලා පවතිනවා රැකී රක්ෂා ආශ්‍රිතව
තමන්ට තිබුනාවූ කරදර ඉවත් කර ගෙන
ප්‍රධානීන්ගේ ආදරය කරුණාව දිනාගන්නත් මේෂ
ලග්න හිමියන්ට වැඩි ඉඩකඩක් පවතින වසරක් විදිහට
2023 හඳුන්වන්න පුළුවන්-
ගෘහ ජීවිතය අතින් ගත්කල මාස දහයකට ආසන්න වෙනකල්ම
කේතු ගමන් කරනවා ඔබේ ලග්නයෙන් හත්වැන්නේ ඒ නිසා
විශේෂයෙන්ම වෙනදාට වඩා ටිකක් ගුප්ත චරිත ලක්ෂණ
මතු කිරීමේ ඉඩකඩ තිබෙන නිසා දෙන්නා දෙමහල්ලන් සමග
වෙනදාට වඩා තමන්ට තිබෙන්නා වූ අභියෝග
පි)කඑතිබඳ සාකච්ඡා කිරීම වැදගත් වෙනවා කේන්ති ආවට
කේන්ති ගිය බව නොපෙන්වා ඉන්න පුළුවන් නම් යුග
ජීවිතේ සතුට සැහැල්ලු බව සහජීවනය වර්ධනය කර ගැනීමේ
ඉඩකඩ පවතිනවා-
සමහර අවස්ථාවලදී අන්ධයෙක්ගේ බිහිරෙක්ගේ ඒ වගේම
ගොලුවෙක්ගේ චරිතය ඔබට රඟපාන්න පුළුවන්කම
ලැබුණොත් 2023 වසරේ යුග ජීවිතය ආශ්‍රිතව තිබෙන
ගැටලුවලට නිවැරදි විසඳුම් හොයා ගන්න පුළුවන්කම ලැබේවි-
අධ්‍යාපනය අතින් ගත් කල උසස් අධ්‍යාපනයට
වඩාත් යහපත්- විදේශගත අධ්‍යාපනය
බලාපොරොත්තු වූ අයට එම තත්ත්වයන් සාර්ථක කර
ගැනීමේ ඉඩකඩ පවතිනවා- හැබැයි ඒ ආශ්රිත මූල්‍ය
ගනුදෙනු කිරීමේදී පරිස්සම් විය යුතු වනවා- මොකද ඒ
ආශ්රිත රැවටීම්වලට හසු වීමේ ඉඩකඩ තිබෙන නිසා-
බොහෝවිට අන් අයගේ සහයෝගය මත තමන්ගේ
අධ්‍යාපන කටයුතු සාක්ෂාත් කර ගැනීමට ඉඩකඩ
පවතිනවා- සෞඛ්‍යය අතින් ගත්කල හිරිවාත වැනි
තත්ත්වයන් තමයි ඔබට ගෙන දෙන්නේ- වාත වේදනා ඇති
කරනවා -එම නිසා ආහාර පාන ආදිය පාලනයෙන්
යුතුව ගැනීමට මේෂ ලග්න හිමියන් අමතක නොක)කඑත
යුතුයි- කොහොම වුණත් මේ වසර අභියෝගාත්මක වසරක්
නිසා ඒ අභියෝගවලට මුහුණ දීමට සෑම
අඟහරුවාදා දිනකම නිර්මාංශ ආහාර ගැනීම
පමණක්ම නෙමෙයි සෑම අඟහරුවාදා දිනකම ඔබට
පුළුවන් නම් රතු නෙළුම් මල් හතක් ඔබ අදහන කුමන
හෝ ශාස්තෘවරයෙකුට පූජා කරන්න-
ඒ වගේම තමයි ඔබ සුබ ගමනක් යද්දි රතුපාට
ලේන්සුවක් ඔබ )කඑතඟ තබා ගෙන යෑමට පුලුවන් නම්)ුමදඑත මේෂ
ලග්න හිමියන්ට තිබෙන අභියෝග රාජ යෝග බවට
පත් කර ගැනීමේ හැකියාව පවතිනවා-
මිථුන ලග්න :
තුන්වන රාශියේ උපන් මිථුන ලග්නයේ ඔබත් බලාගෙන ඇත්තේ 2023 වර්ෂය ඔබට කොහොමද කියලා නේද?
ඔබේ ලග්නාධිපති මේ වසර ආරම්භ වෙද්දී රාජ්‍යකාරක රවි සමග සංයෝග වෙලා ආදිත්‍ය නම් යෝගයක් හත්වැන්නේ යෙදී පවතිද්දී තමයි මේ වසර ආරම්භ වෙන්නේ.
මේ වසරේ සිදු වන්නා වූ ග්‍රහ මාරුවීම් ඔබට ඉතාමත් යහපත් වෙනවා. 2020 ජනවාරි මාසේ 24 වෙනිදා ඉඳන් 2023 ජනවාරි 17 දා වෙනකන්ම ඔබ ගතකල සෙනසුරුගේ ලග්න අෂ්ටම ඒරාෂ්ටකය නිමකරමින් සෙනසුරු ජනවාරි දාහත් වැනි දා ඔබගේ පෙර පින් ගැන කතා කරන පුණ්‍ය ස්ථානයට ප්‍රවේශ වීමට නියමිතයි. ඒ වගේම තමයි බ්‍රහස්පති සියලුම ලැබීම් පෙන්නුම් කරන අයස්ථාන ගතවීම අප්‍රේල් මාසයේ විසි දෙවන දා සිද්ධ වෙනවා.
රාහු දහවැන්නටත් කේතු හතර වැන්නටත් ප්‍රවේශ වීම ඔක්තෝබර් මාසයේ තිස් වැනිදාට සිදු වීමට නියමිතයි. ඉතින් මෙන්න මේ ගැන කතා කරද්දි මිථුන ලග්න හිමියන්ට එක දෙයක් කිව යුතුයි. බොහෝ විට කාගේ අඩුපාඩු දැක්කත් පෙන්වා දීමට යෑමේදී මේ වසර තුළ පරිස්සම් විය යුතුයි. විශේෂයෙන්ම ඔබගේ වචන භාවිතය ඔබගේ උන්නතියට වඩා අහිතකරතා ඇති කර දීමට ඉඩ කඩ තිබෙනවා.
ඒ නිසා ඔබ වචනය පරිසමාප්ත අර්ථයෙන්ම ආරක්ෂා කර ගත්තොත් ඔබට 2023 වර්ෂය සාර්ථක කර ගැනීමට පුළුවන්. මොකද වචනය පැවසීමට ප්‍රථම එය අපට යටත් වෙලා තිබුණාට පැවසූ පසු අපි වචනයට යටත් විය යුතුවනවා. මෙන්න මේ ගැන හොඳින් සිහි තබා ගෙන තමයි 2023 වසරට මිථුන ලග්න හිමියන් පිය නැගිය යුත්තේ. කොහොම වුණත් යුග ජීවිතය අතින් ගත්කල 7 අධිපති බලවත් වෙලා දහ වැන්නේ ගමන් කිරීම විවාහ ප්‍රමාද වූ අයට ඉතාමත්ම යහපත් වෙනවා.
බොහෝ විට විවාහාදී කටයුතුවලට ස්ථීර තීන්දු තීරණ ගැනීමට නොහැකිව සිටි අයට එම තත්ත්වයන් සාක්ෂාත් කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. දරුඵල පිළිබඳ බලාපොරොත්තුවෙන් පසු වූ උදවියට පසුගිය සෙනසුරුගේ ඒරාෂ්ඨක තත්ත්වයේ යම් බලපෑමක් තිබුණා නම් එම තත්ත්වයන් නිරාකරණය කරගෙන නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාගෙන, ඒ සදහා සුදුසු මානසික කායික සූදානමකින් යුතුව කටයුතු කිරීමටත් වැඩි ඉඩකඩක් පවතින වසරක් ලෙස 2023 හඳුන්වන්න පුළුවන්. බොහෝ වෙලාවට පවුලේ අය සමග විනෝද ගමන් සංචාරක විදේශ ගමන් පවා ඇති කරන වසරක් විදිහට 2023 වර්ෂය හැඳින්වීමේ හැකියාව තිබෙනවා.
ආර්ථිකය අතින් ගත් කල විශේෂයෙන්ම රැකීරක්ෂා ආශ්‍රිතව යම් යම් පැහැදිලි වෙනස්කම් ඇති කිරීමටත්, 2023 වසර වැදගත් වෙනවා. කොහොම වුණත් රැකීරක්ෂා වෙලහෙළඳාම් ආශ්‍රිතව ස්ථිර තීන්දු තීරණ ගැනීමේදී දෙපාරකට වඩා සිතා බැලීමට මිථුන ලග්න හිමියන් කටයුතු කළ යුතුයි. නව ආදායම් මාර්ග කිහිපයක් හෙළිපෙහෙළි කර ගැනීමට වසර ආරම්භයේ සිටම එනම් ජනවාරි දාහත් වන දායින් පස්සේ ඉඩකඩ ලැබෙනවා. සාර්ථකත්වය ඔබේ දොරට තට්ටු කරන ශබ්දය ඇසෙන්නට පුළුවන් නමුත් අවශ්‍ය වන්නේ ඔබ දොරපියන් විවෘත කර ඔබේ සුරතට එම සාර්ථකත්වය ළඟා කර ගැනීමයි. අධ්‍යාපනය අතින් ගත් කල ද විශේෂයෙන් ම විෂය බාහිර දේට තමයි වැඩි නැඹුරුවක් ගෙන දෙන්නේ.
ධාරණ ශක්තියට යම් යම් බාධා කරදර ඇති කරන්නත් පුළුවන්. වයසට වඩා වැඩි අය ඇසුරු කිරීමෙන් බොහෝ විට එවැනි කටයුතුවලට බාධා කරදර ගෙන දෙන නිසා, තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට වෙන වසරවලට වඩා වැඩි නැඹුරුවක් උනන්දුවක් උත්සාහයක් කැප වීමක් දක්වන්න මිථුන ලග්න හිමියන් අමතක නොකළ යුතුයි.
සෞඛ්‍යය අතින් ගත්කල හුස්ම ගැනීමේ දුර්වලතා පෙනහළු ආශ්‍රිතව ආබාධතා ඇති කරන්න වගේම දණහිස් ආශ්රිත ආබාධ ඇති කරන්න ඉඩකඩ වැඩියි. සෙනසුරුගේ මහ දශා අතුරු දශා ගත කරන උදවිය නම් මේ පිළිබඳ වඩාත් සැලකිල්ලක් දැක්වීම වැදගත් වෙනවා. මේ තිබෙන්නා වූ පුංචි පුංචි අභියෝග ඔබට රාජ යෝග බවට පත්කර ගැනීමට මාසේ එක දවසක් , බදාදා දවසක් තෝරා ගෙන, එදිනට ගණ දෙවියන්ට ඊතන මල් මාලාවක් පළඳනවා නම් එය වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි සාමණේර භික්ෂුන් වහන්සේ නමකට පොත්පත් ,රසකැවිලි , බෙහෙත් වර්ග ආදිය දන් දෙන්න පුළුවන් නම් ඔබට තිබෙන්නා වූ අහිතකරතා මගහැරිලා සැහැල්ලුවෙන් සතුටින් යුතුව අභියෝගාත්මක 2023 වර්ෂයට පිය නැගීමේ හැකියාව මිථුන ලග්න හිමියන්ට තිබෙනවා.
ධනු ලග්නය :
නව වන රාශිය වූ ධනු ලග්නයෙන් උපන් ඔබත් බලාගෙන ඇති 2023 ඔබට කොහොමද කියලා නේද?
ඔන්න ඔබට මේ වසර ආරම්භ වන්නේ ලග්නාධිපති ගුරු ලග්නයෙන් හතර වැන්න වූ ගෘහස්ථානගතව බලවත් වෙලා පංච මහා පුරුෂ යෝගයක් වන ගුරු හංස නැමැති යෝගය උදා කරමින්... ඒ වගේම තමයි 2023 ආරම්භයේදීම ධනු ලග්න හිමියන්ට එක සුබ ආරංචියක් කියන්න කැමතියි. 2014 නොවැම්බර් මාසේ 26 වැනිදා සිට සහ 2014 නොවැම්බර් මාසේ 02 වෙනිදා සිට පැවති සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨක නිම වෙනවා 2023 ජනවාරි මාසේ 17 වෙනිදා.
ඉතින් වසර 8කට ආසන්න කාලයක් ගත කරමින් සිටි සෙනසුරුගේ පීඩා කරදර ඉවත් වීම ධනු ලග්න හිමියන්ට වඩාත් යහපත් වේවි.
දෙවෙනි ග්‍රහ මාරුව සිදු වන්නේ මෙතුවක් කල් වසරකට ආසන්න කාලයක් ඔබේ ලග්නයෙන් 4 වැන්නෙන් බලවත් වෙලා සිටි බ්‍රහස්පති විද්‍යාස්ථාන පූර්ව පුණ්‍යස්ථාන පුත්රස්ථාන වූ පස් වැන්නට ප්‍රවේශ වෙනවා අප්‍රේල් මාසේ 22 වෙනිදා.
ඒ වගේම තමයි කේතු ගෘහස්ථානගත වූ හතර වැන්නටත් කේතු රැකියා ස්ථාන වූ දහ වැන්නටත් ප්රවේශවීම ඔක්තෝබර් මාසේ තිස් වෙනිදට සිදුවීමට නියමිතයි.
ධනු ලග්න හිමියන් පසුගිය වසර 8කට ආසන්න කාලයක් අභියෝගවලට මුහුණ දුන්නට බොහෝ විට සුළු දේකින් පවා කලකිරෙන්න පසුගාමී මානසිකත්වයක් ගෙනෙන තත්ත්වයක් තමයි 2023 වසර ධනු ලග්න හිමියන්ට දක්නට ලැබෙන්නේ.
ලග්නයේ පලාපල ආරම්භයේදීම එක දෙයක් ඔබට කියන්න කැමතියි, හඳ දකින්න නැතැයි කියලා ඔබ ඇස් දෙක නම් පියාගන්න එපා, මොකද ඔබට තරු දැකීමේ භාග්‍යයත් අහිමි වීමේ ඉඩකඩ තිබෙන නිසා. ඒ නිසා ධනු ලග්න හිමියන් දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව 2023ට පය තැබීම තමයි වඩාත් වැදගත් වෙන්නේ.
ආර්ථිකය අතින් ගත්කල ලැබීම සඳහා යම් යම් දුෂ්කරතා මතු වෙන්න පුළුවන්. දේපළ සම්බන්ධයෙන් වාසි සහගත තත්ත්වයක් වසර මැද දී ඔබට ළඟා කරගැනීමේ වාසනාව භාග්‍යය පවතිනවා.
ආහාර සම්බන්ධයෙන් වගේම ජංගම ව්‍යාපාර කටයුතුවල නිරත වන උදවියටත්, අනුන් යටතේ කරන රැකී රක්ෂා කටයුතුවලටත් වඩා, ස්වාධීනව කටයුතුවල නිරත වන උදවියටත් සුවිශේෂ වරප්‍රසාද අත්පත් කර ගන්න 2023 වසර වඩාත් වැදගත් වෙනවා.
ගෘහ ජීවිතය අතින් ගත් කල නිවසින් පිටස්තරව කාලය ගත කිරීමේ ඉඩ කඩ තමයි බහුල කරලා තියෙන්නේ. ඒ වගේම තමයි හිතේ සතුට හීන කරලා තිබෙන අතර හුදකලාගත මානසිකත්වයන් තමයි ගෙන දෙන්නේ. දරු ඵල පිළිබඳ බලාපොරොත්තුවෙන් පසු වුණු උදවියට 2023 අප්‍රේල් මාසේ 22 වෙනිදායින් පස්සේ සුබ ආරංචි මාර්ග ලැබෙන වසරක් විදියටත් 2023 වසර හඳුන්වන්න පුළුවන්.
ප්‍රසිද්ධිය කීර්තිය උදෙසා කරනු ලබන කටයුතු වඩාත් සාර්ථක කර ගැනීමේ ඉඩ කඩ පවතිනවා, අධ්‍යාපනය අතින් ගත් කල තරග විභාග,වෘත්තීය දියුණුව වෙනුවෙන් කරන කටයුතු අතිශය සාර්ථක වෙනවා වගේම, ක්‍රීඩා කටයුතුවලට සහ සම්බ්න්ධ උදවියටත් ඉතාමත් යහපත්.
කායික ශක්තීන් වගේම වාග් චාතූර්ය විදහා පාන්නත් 2023 වසර ධනු ලග්න හිමියන්ට වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ධනු ලග්න හිමියන්ට තම නැණ නුවණ තුළින් ප්‍රසිද්ධිය අත් පත් කර ගැනීමේ ඉඩකඩත් පවතින බව අමතක කරන්න එපා. සෞඛ්‍යය අතින් ගත් කල අම්ල පිත වැනි රෝග පීඩා තමයි ඔබට අහිතකරතා ගෙන දෙන්නේ. නිසි වෙලාවට ආහාර පාන ගැනීම, පාලනයකින් යුතුව ආහාරාපාන ගන්න ධනු ලග්න හිමියන් අමතක කරන්න එපා.
ඉතින් මේ වසරේ තියෙන අභියෝග ජය ගන්නට නම් ඔබට කරන්න තියෙන්නේ එක දෙයයි, සෑම බ්‍රහස්පතින්දා දවසකම නිර්මාංෂ ආහාර ගන්න එක. ඊට අමතරව ශීල ව්‍යාපාර ආදී කටයුතුවලට බෙලි මල් ආදිය දෙන්න පුළුවන් නම් ගිලන්පස පිණිස වඩාත් වැදගත් වෙනවා.
ඒ වගේම තමයි වසරේ මුලින්ම යෙදෙන්නා වූ බ්‍රහස්පතින්දා දවසේ ඔබගේ නිවසේ උතුරු දිශාවෙන් උදෑසන 6-30ත් 07-00ත් අතර කාලයේ බෙලි පැලයක් රෝපණය කරන්න පුළුවන් නම් 2023 වසර ධනු ලග්න හිමියන්ට සදා අමතක නොවන වසරක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්.
කටක :
හතර වන රාශිය වූ කටක ලග්නයේ උපන් ඔබත් බලා ගෙන ඇත්තේ 2023 වසර ඔබට කොහොමද කියලා නේද...
කටක ලග්න හිමියන්ට නම් එක දෙයක් කියන්න කැමතියි. මේ වසර ආරම්භ කරන්න ප්‍රථමයෙන් ඔබගේ ආත්ම විශ්වාසය පෙරදැරි කර ගෙන කටයුතු දියත් කිරීම වැදගත් වෙනවා. මොකද විශ්වයෙන් ලැබෙන සහයෝගයට වඩා තමන්ගේ ආත්ම විශ්වාසය තමයි මේ වසර තුළ ඔබට සාර්ථකත්වය ගෙන දෙන්නේ. කුරුල්ලෙක් වුණත් පියාඹගෙන ඇවිල්ලා අත්තක වහන්නේ අත්ත ගැන විශ්වාස කරලා නෙමෙයි උගේ අත්තටු දෙක ගැන විශ්වාස කරලා.
ඒ වගේ තමන්ගේ ආත්ම විශ්වාසය පෙරදැරි කරගෙන 2023 වසරට පිය නැගීම තමයි කටක ලග්න හිමියන්ට වැදගත් වෙන්නේ. මොකද කටක ලග්න හිමියන්ට 2023 වසර ආරම්භයේදීම ජනවාරි මාසයේ 17 වෙනිදා ඉඳලා 2025 දක්වාම සෙනසුරුගේ ලග්න අෂ්ටම එරාෂ්ඨකයක් ලබන්න නියමිතයි.
ඒ වගේම තමයි බ්‍රහස්පති ඔබේ රැකියා ස්ථානය වූ දහ වැන්නට ප්‍රවේශ වීම අප්‍රේල් මාසයේ 22 දා සිද්ධ වෙනවා. ඔක්තෝබර් මාසේ 30 වන දා කේතු තුන් වැන්නටත් ප්‍රවේශ වීමට නියමිතයි.
මෙන්න මෙවැනි ග්‍රහ රටාවක් තුළ තමයි කටක ලග්න හිමියන් අභියෝගාත්මක 2023 වසරට පිය නගන්නේ ගෘහ ජීවිතය
අතින් ගත් කළ බොහෝ විට හත්වැන්නාධිපති අට වැන්නට ජනවාරි මාසයේ 17 වෙනිදායින් පස්සේ ගමන් කිරීම විශේෂයෙන්ම යුග ජීවිතය ආශ්‍රිතව ගැටලු සහගත තත්ත්වයන් ඇති වීමේ ඉඩකඩ පවතිනවා. තෙවන පාර්ශවයන් ඔබගේ සතුට සැහැල්ලු බව සැනසීම සහජීවනයට යම් යම් අහිතකර බලපෑම් ගෙන දෙන්න පුළුවන්. ඒ නිසා මොළයක් නැති එවුන් කේළම් කිව්වට මොළයක් තිබෙන එවුන් තමයි ඒ පිළිබඳ විශ්වාස නොකළ යුතු වන්නේ. ඔබ බුද්ධිමත් කෙනෙක් විදිහට කටක ලග්න හිමියන් අනිවාර්යයෙන් ම යුග ජීවිත ආශ්‍රිතවත් තෙවන පාර්ශවීය බලපෑම් පිළිබඳවත් වැඩි අවධානයකින් කටයුතු කිරීම වැදගත් වෙනවා.
ආර්ථිකය අතින් ගත් කළ සාමන්‍ය පරිදි ගත කරන්න ඔබට වාසනාව ශක්තිය තියෙනවා.
නමුත් සෞඛ්‍ය අංශ වෙනුවෙන් තමයි වැය පස බහුල කරන්නේ. ඔබගේ විතරක් නෙමෙයි පවුලේ උදවියගේ සෞඛ්‍ය තත්ත්වයන්
වෙනුවෙන් වියපැහැදම් තත්ත්වයන් ටිකක් ඉහළ මට්ටමක පවතී.
ඒ වගේම වැඩිහිටි මා දෙමාපියාදීන් ඔබ සමග සිටිනවා නම් අන්න ඔවුන් වෙනුවෙන් පවා ටිකක් වැය පාර්ශවය බහුල කරන වසරක් හැටියට 2023 වසර හඳුන්වන්න පුළුවන්.
අධ්‍යාපනය අතින් ගත් කළ ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවලට යහපත් වෙනවා.
විශේෂයෙන්ම පුංචි දුවා දරුවන්ගේ තරගකාරී කටයුතු, තරග විභාග ඒ වගේම ඔවුන්ගේ බාහිර ක්‍රියාකාරකම්වලින් ඉහළ
ජයග්‍රහණ අත්පත් කරගන්න 2023 වසර ඉවහල් වෙනවා.
ඒවගේම තමයි න්‍යායාත්මක විෂයන් අධ්‍යයනය ලබන උදවියටත් සුවිශේෂ වරප්‍රසාද ගෙනදෙන අතර ප්‍රායෝගික අධ්‍යාපන
කටයුතුවලට තරමක බාධා කරදර ඇතිවීමේ ඉඩකඩ තිබෙනවා. ඒ නිසා එවැනි දේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරලා වසරේ
කටයුතු ආරම්භ කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. සෞඛ්‍ය අතින් ගත්තම නිධන්ගත රෝග පීඩා උත්සන්න වීම්, මුත්‍රා ආශ්රිත
රෝග පීඩා ගෙනදෙන්න පුළුවන්. ලැබෙන්නා වූ හැකි සෑම වෙලාවකම පිරිසිදු ජලය පානය කිරීම වගේම තෙල් සීනි සහිත
ආහාර පාන පාලනයෙන් යුතුව ගත්තොත් මේ වසර ඔබට අභියෝගවලින් සාර්ථකව ජය ගැනීමේ හැකියාව පවතිනවා. මේ
වසරේ තිබෙන්නා වූ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න ශීල ව්‍යාපාර ආදී කටයුතුවලට දිවුල් කිරි දෙන්න පුළුවන් නම් ඒ වගේම තමයි මෙහෙණින් වහන්සේ නමකට සඳුදා දවසක මාසෙට එක දවසක් පාවහන් යුවලක් දෙන්න පුළුවන් නම් එය වඩාත් වැදගත් වේවි...
සෙනසුරුගේ ලග්න අෂ්ටම එරාෂ්ඨකය මගහරවා ගන්න ඔබට හැකියාවක් තියෙනවා. කළු තල, අංජන කැටල වී පොරි, සත
කුප්ප බැබිල, සුවඳ කොට්ටංල දේවදාර, කලාදුරු, අරළු ඔසු, බුලු, සමන්පිච්ච මල් කියන ඖෂධ සමව ගෙන තම්බා නිවා සතියකට දවසක් හෝ ස්නානය කරන්න පුළුවන් නම් ඒක වඩාත් වැදගත් වේවි.
කොහොම වුණත් ඔබ සෙනසුරුගේ සිකුරුගේ මහ දශා අතුරු දශා ගත කරනවා නම් වඩාත් කල්පනාකාරීව කටයුතු කළොත් 2023 වසරේ අභියෝග කටක ලග්න හිමියන්ටත් පහසුවෙන් ජයගන්න පුළුවන්.