අඩුවෙන් පාවිච්චි කළොත් වැඩිම බිල (Video)
Saturday, 31 December 2022 - 14:22 | Views - 2,176

2023 වසර සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනයෙන් වැඩි බලපෑමක් එල්ල වන්නේ අඩු විදුලි පරිභෝජනයක් සහිත ජනතාවට බව වාර්තා වනවා.
එම සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද නියමිත බව හිරු ප්රවෘත්ති වෙත වාර්තා වුණා.
නව සංශෝධනය යටතේ ඒකක 0 සිට 60 දක්වා කාණ්ඩය යටතේ ඒකකයක් සඳහා වන ගාස්තුව මෙන්ම ස්ථාවර ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ඒකක 0-30 දක්වා රුපියල් 8ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 30 දක්වා ද රුපියල් 120ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වා ද ඉහළ දැමීමට යෝජිතයි.
ඒකක 31 - 60 දක්වා රුපියල් 10ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 37 දක්වා ද රුපියල් 240ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වා ඉහළ දැමීමට නව සංශෝධනයෙන් යෝජනා කර තිබෙනවා.
ඒකක 60න් ඉහළ කාණ්ඩය යටතේවන ඒකකයක ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව ද නව සංශෝධනයෙන් ඉහළ දැමීමට යෝජනා කර ඇති අතර 1 - 60 දක්වා පැවති රුපියල් 16ක් වූ ඒකකයක ගාස්තුව රුපියල් 42 දක්වා ඉහළ දමා ඇති අතර ස්ථාවර ගාස්තුව රුපියල් 650ක් ලෙස අලුතින් එක්කර තිබෙනවා.
ඒකක 61 - 90 දක්වා රුපියල් 16ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 42 දක්වා ද 360ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වා ද ඉහළ දැමීමට නව සංශෝධනයෙන් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒකක 91 - 120 දක්වා රුපියල් 50ක්ව පැවති ඒකකයක ගාස්තුව සංශෝධනය නොවූ අතර රුපියල් 960ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.
ඒකක 121 සිට 180 දක්වා රුපියල් 75ක්ව පැවති ඒකකයක ගාස්තුව සංශෝධනයට කර නොමැති නොමැති අතර 960ක්ව පැවති ස්ථාවර ගාස්තුව පමණක් රුපියල් 1500ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.
ඒකක 181 ඉක්මවා පරිභෝජනය කරන පාරිභෝගිකයින්ට රුපියල් 75ක්ව පැවති ඒකකයක ගාස්තුව වෙනස් නොවන අතර 1500ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 2000 දක්වා ඉහළ දැමීමට නව සංශෝධනයෙන් යෝජිතයි.
පරිභෝජනය කරන වේලාවන් අනුව සංශෝධනය කර ඇත්තේ රාත්‍රී 10.30ත් පෙ.ව. 5.30ත් අතර රුපියල් 30ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 40ක් වන ලෙසට සහ 1500ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 2000ක්වන ලෙසින්.
ආගමික ස්ථාන සහ පුණ්‍යායතන සඳහා ඒකක 0-30 දක්වා රුපියල් 8ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 30 දක්වාද 90ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වා ද ඉහළ දමා තිබෙනවා.
ඒකක 31 සිට 90 දක්වා රුපියල් 15ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 37 දක්වාද 120ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 550 ක් දක්වා ද ඉහළ දැමීමට නව සංශෝධනයෙන් යෝජිතයි.
ඒකක 91-120 දක්වා රුපියල් 20ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 42 දක්වා ද රුපියල් 120ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වා ද ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.
ඒකක 180න් ඉහළ පරිභෝජනය කරන ආගමික ස්ථාන සහ පුණ්‍යායතනවලට රුපියල් 32ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 50 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇති අතර 1500ක්ව පැවති ස්ථාවර ගාස්තුව 2000 දක්වා ඉහළ දැමීමට යෝජිතයි.
Share This Article