ජාවාරම්කරුවන්ගේ වංචනික ක්‍රියාවන්ට හසු නොවන්න - විදේශ සේවා නියුක්ති කාර්යාංශය
Saturday, 31 December 2022 - 12:23 | Views - 4,070
ජෝර්දානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් සංචාරක වීසා මගින් පිටත්ව යාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

පසුගිය දිනවල සංචාරක වීසා මගින් ලාංකිකයන් පිරිසක් කණ්ඩායමක් වශයෙන් විදෙස් ගතවී ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඒ අනුවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ පිළිබඳව විමර්ශනයක් කර තිබුණා.

එහි දී මෙලෙස විදෙස් ගතවූ කණ්ඩායමෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඒ සම්බන්ධයෙන් විමසා ඇති අතර, එහි දී ඔවුන් සඳහන් කර ඇත්තේ තමන් කෙටි සංචාරයක් සඳහා ජෝර්දානය වෙත පිටත්ව ගිය බවයි.

කෙසේ වෙතත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ නීතිවිරෝධී අයුරින් ජෝර්දානයට පැමිණ අතරමංව සිටින පිරිස් සම්බන්ධයෙන් සිය කාර්යාංශයට වාර්තාවී ඇති බවයි.

එසේම ජාවාරම්කරුවන්ගේ වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම මගින් තොරතුරු දැනගැනීමෙන් පසු නිවැරදි ක්‍රමයට විදෙස් ගතවන ලෙසත් එම කාර්යාංශය දැනුම් දෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top