දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක රාජ්‍ය බැංකුවල ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කළ විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගාල්ල, හික්කඩුව සහ බද්දේගම යන ප්‍රදේශවල පිහිටි බැංකුවල ඒ ටී එම් යන්ත්‍රවල පරිගණක පද්ධතියට අනවසරයෙන් පිවිසී ඔවුන් මුදල් සොරාගෙන ඇති බවයි.
ATM යන්ත්‍ර පද්ධතියේ ඇති පරිගණක මෘදුකාංග පද්ධතිය වෙනස් කරමින් මෙම විදේශිකයන් පිරිස මුදල් ලබාගෙන ඇති බවටයි වැඩිදුර විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.