විශ්‍රාම යන දුම්රිය සේවකයන්ට තවත් අවස්ථාවක්
Saturday, 31 December 2022 - 11:54 | Views - 954
මේ වසරේ දෙසැම්බර් 31 වනදායින් පසු වයස අවුරුදු 60 සම්පූර්ණ වී විශ්‍රාම ගන්නා දුම්රිය සේවකයන්ගේ සේවය අත්‍යවශ්‍ය නම් ඔවුන්, කොන්ත්‍රාත් පදනම මත යළි බඳවා ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ බව දැනුම්දී තිබෙනවා.
මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වයස අවුරුදු 60 සම්පූර්ණ වන සේවකයින් රැසක් විශ්‍රාම යාම හේතුවෙන් දුම්රිය ස්ථාන ගණනාවක රාජකාරි කටයුතු සඳහා බාධා එල්ලවිය හැකි බවයි.
Share This Article