අද සහ හෙට විශේෂ ඩෙංගු මර්ධන දිනයන්
Friday, 30 December 2022 - 11:47 | Views - 711
අද (30) සහ හෙට (31) දෙදින විශේෂ ඩෙංගු මර්ධන දිනයන් ලෙස නම් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, ඩෙංගු උණ රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යාම හමුවේ රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් මෙම දින ප්‍රකාශයට පත් කළ බවයි.

එබැවින් සියළු දෙනා මෙම දින දෙකෙහි නිවෙස් තුළ සහ අවට මෙන්ම තමන් රාජකාරී කරන ස්ථානය සහ ප්‍රදේශයේ පොදු ස්ථානවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම ලබන 2 වැනිදා නව පාසල් වාරය ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බැවින් දිවයින පුරා සියළු පාසල් වල විදුහල්පති ඇතුළු කාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ ස්වේච්ඡා සංවිධාන එක්ව පාසල් පරිශ්‍ර පිරිසිදු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළා.

මේ වසරේ ඊයේ(29) දක්වා කාලය තුල දිවයිනෙන් ඩෙංගු රෝගීන් 76,749ක් වාර්තා වී ඇති අතර පසුගිය වසරට සාපේක්ෂව එය දෙගුණයකට වඩා වැඩිවීමක්.

එසේම පසුගිය සති 4ක කාලය තුළ දිනකට රෝගීන් 200ත් 300ත් අතර ප්‍රමාණයක් රෝහල් වලින් වාර්තා වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

කෙසේ වෙතත්, පවත්නා තත්ත්වය මත ලබන ජනවාරී මාසය තුළ ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් රට පුරා වර්තාවීමේ අවධානමකට මුහුණ දී තිබෙන බවටයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

එසේම, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඩෙංගු රෝගකාරක වෛරසය පතුරුවන ඊඩීස් වර්ගයේ මදුරු ඝනත්වය ද මේ වන විට ඉහළ ගොස් ඇති බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top