අංක තහඩුවෙන් - ලියාපදිංචි පළාත ඉවත් කෙරේ
Friday, 30 December 2022 - 11:04 | Views - 2,109
වාහන ලියාපදිචි කිරීමේ දී එහි අංක තහඩුව සඳහා සංශෝධනයක් නිකුත් වී තිබෙනවා.

ඒ අනුව නව, වාහන ලියාපදිංචි කිරීම්වල දී එහි අංක තහඩුව තුළ පළාත් සඳහන් කිරීමක් සිදු නො වන බව සඳහන්.

මෙතෙක් පැවති ක්‍රමය යටතේ අදාළ වාහනය ලියාපදිංචි කර කෙරුණු පළාත ඉංගිරිසි අක්ෂර දෙකකින් දක්වා තිබුණා.

මෙම සංශෝධනය 2023 ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන බව යි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ.
 
එසේම රියැදුරු බලපත්‍රය සම්බන්ධයෙන් ද අදහස් පළ කරමින් ඔහු පැවසූවේ,රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් අරඹමින්,රියැදුරන් වෙත ලකුණු 24 ක් ලබා දීමට කටයුතු කරන බවයි.

ඉන් අනතුරුව රියැදුරන් සිදු කරන මාර්ග නීති කඩකිරීම් වලදී එම ලකුණු 24 සම්පූර්ණ කිරීමේ දී අදාළ පුද්ගලයාගේ රියැදුරු බලපත්‍රය අහෝසී වනු ඇති අතර එවැනි පුද්ගලයෙකුට වසරක කාල සීමාවකින් පසු නැවත රියැදුරු බලපත්‍රය සඳහා ඉල්ලුම් කිරීමට සිදු වේ.

අදාළ ලකුණු ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳව ඉදිරියේදී ගැසට් පත්‍රයක් මගින් දැනුම් දෙන බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top