වාහන ලියාපදිචි කිරීමේ දී එහි අංක තහඩුව සඳහා සංශෝධනයක් නිකුත් වී තිබෙනවා.
ඒ අනුව නව, වාහන ලියාපදිංචි කිරීම්වල දී එහි අංක තහඩුව තුළ පළාත් සඳහන් කිරීමක් සිදු නො වන බව සඳහන්.
මෙතෙක් පැවති ක්රමය යටතේ අදාළ වාහනය ලියාපදිංචි කර කෙරුණු පළාත ඉංගිරිසි අක්ෂර දෙකකින් දක්වා තිබුණා.
මෙම සංශෝධනය 2023 ජනවාරි පළමු වැනි දා සිට ක්රියාත්මක වන බව යි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ.
එසේම රියැදුරු බලපත්රය සම්බන්ධයෙන් ද අදහස් පළ කරමින් ඔහු පැවසූවේ,රියදුරු බලපත්රය ලබා ගැනීමේදී ලකුණු ලබා දීමේ ක්රමවේදයක් අරඹමින්,රියැදුරන් වෙත ලකුණු 24 ක් ලබා දීමට කටයුතු කරන බවයි.
ඉන් අනතුරුව රියැදුරන් සිදු කරන මාර්ග නීති කඩකිරීම් වලදී එම ලකුණු 24 සම්පූර්ණ කිරීමේ දී අදාළ පුද්ගලයාගේ රියැදුරු බලපත්රය අහෝසී වනු ඇති අතර එවැනි පුද්ගලයෙකුට වසරක කාල සීමාවකින් පසු නැවත රියැදුරු බලපත්රය සඳහා ඉල්ලුම් කිරීමට සිදු වේ.
අදාළ ලකුණු ලබා දීමේ ක්රමවේදය පිළිබඳව ඉදිරියේදී ගැසට් පත්රයක් මගින් දැනුම් දෙන බව ද මෝටර් රථ ප්රවාහන කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.